අජිත් පැරකුම් ජයසිංහ
ජාතික ජන බලවේගය ජයගත් මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති පත් කර ගැනීම පහසු නැත.
සමගි ජන බලවේගයේ ජගත් විතානගේ නායකත්වය මෙහිදී කැපී පෙනේ. නලින්ද ජයතිස්සගේ වැඩි බලපෑමක් සහිත මතුගම, දොඩම්ගොඩ, අගලවත්ත, පාලින්දනුවර, වලල්ලාවිට වැනි මාලිමාවට වාසිදායක විය යුතු පළාත් පාලන ආයතන මේ අන්දමින් පසුබසින්නේ ඔහුගේ නායකත්වය නිසාය.

ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස ඇමතිවරයා මෙන්ම ඔහුගේ අනුගාමික මන්ත්‍රීවරුන් ද මහජනයාට සමීප නායකයන් නොවීම ද මෙම තත්වයට හේතුවකි. ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය 39% දක්වා පල්ලම් බැස ඇත. ඔවුන් ජයගෙන ඇත්තේ කොට්ඨාස 20න් 13ක් පමණි.
සමගි ජන බලවේගය කොට්ඨාස හයක්ම ජයග්‍රහණය කර ආසන 10ක් දිනාගෙන ඇත. ඇත. ඒ අතර, මගේ ඡන්දය හිමි ඉද්දගොඩ කොට්ඨාසය ද වේ. සුළු ජාතීන් වැඩිපුර ජීවත් වන කොට්ඨාසවල ජය සමගි ජන බලවේගයට හිමි වී තිබේ.
කොස් ගෙඩිය ලකුණ දරන ස්වාධීන කණ්ඩායමෙන් හා ජාතික නිදහස් පෙරමුණෙන් ද ජය ගත් පිරිස් සමග ගත් කල පොහොට්ටු සන්ධානයේ සිටි අය ආසන අටක්ම දිනාගෙන ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීගම කොට්ඨාසය ජයගෙන ඇත. ඔවුන්ට ආසන තුනක් හිමිය.
කොස්ගෙඩිය ලකුණ දරන ස්වාධීන කණ්ඩායම ආසන හතරක් දිනාගෙන ඇත.
මා ඡන්දය දුන්නේ ගමේ නායකත්වය හිමි විය යුතු සමාජ ක්‍රියාකාරිකයකු වන සිරිල් අයියාටය. ඔහු මෙවර තරග කළේ එක්සත් ජාතික පක්ෂයෙනි. එක්සත් ජාතික පක්ෂයට එක ආසනයක් හිමි වී ඇත.
කැපී පෙනෙන තවත් ජයග්‍රහණයක් තිබේ. ජන අරගල සන්ධානය හෙවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානය ද මතුගම ප්‍රාදේශීය සභාවේ ආසනයක් දිනාගෙන තිබේ.