Mahinda Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ

මහින්ද ජයසිංහට ලෝවැඩසඟරාවේ ‘කරන කලට පව් මීරිය මී සේ’ කවිය පාර්ලිමේන්තුවේදී වැරදිණි. එසේ වන්නේ ඇයිදැයි සොයා බැලීම වටී.

එස්.පී.එස්. මහින්දවංශ ජයසිංහ නම් මෙම ඉංග්‍රීසි ගුරුවරයාට එසේ වැරදීම ගුරුවරයකුට සිදු වූ වරදක් බැවින් ඔහුට සිනාසීම වැඩි වී තිබේ. ගුරුවරයකුට එවැනි වරදක් සිදු වූ විට එය වැඩිපුර හාස්‍යයට ලක්කිරීම ලංකාවේ සාමාන්‍ය තත්වයකි.

Arunodakaruwo Novel

මහින්ද ජයසිංහ ලංකා ගුරු සේවා සංගමයේ හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ ගුරු වෘත්තීය සමිතියේ නායකයාය. ඔහු ගුරුවරයකු ලෙස වැටුප් ලබාගත්තද අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ ඉගැන්වීමේ යෙදෙන්නේ නැත. ඔහු පූර්ණ කාලීනව නිදහස් වී සිටී.

ආයතන සංග්‍රහය අනුව, සේවයේ හදිසි අවශ්‍යතාවන්ට යටත්ව, වෘත්තීය සමිති කටයුතු සඳහා යම් නිලධාරියකු නිදහස් කළ හැක්කේ අවුරුදු දෙකක උපරිමයට යටත්වය. අදාළ සංගමයේ ඉල්ලීම මත එම කාලය අවුරුදු හතර දක්වා දීර්ඝ කළ හැකිය.

විසිරී තිබෙන සාමාජිකත්වයක් ඇති සංගමයකට සාමාජිකයන් 1000ක් සිටින විට එක් නිලධාරියෙකු ද, 3000කට වඩා සිටින විට නිලධාරීන් දෙදෙනෙකු ද වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් නිදහස් කළ හැකිය.

අවුරුදු හතරකට වැඩි කාලයක් වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් නිදහස් වීම සඳහා අදාළ අමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබාගත යුතුය. ඔය දශක ගණන් නිදහස් වී සිටින සියලු වෘත්තීය සමිතිකාරයන් ඒ ඒ වකවානුවල සිටින ඇමතිවරුන්ගෙන් එම අනුමැතිය ලබාගත් අයයි. එය අයිතිවාසිකමක් නොවේ. ඇමතිවරුන් මෙම නිදහස් කිරීම් අනුමත කරන්නේ වෘත්තීය සමිති නායකයන්ට දෙන සන්තෝසම් ලෙසය.

මහින්ද ජයසිංහ ගුරුවරයකු ලෙස වැටුප් ගත්තද, අවුරුදු විස්සකට වැඩි කාලයක් පාසලක උගන්වා නැත. ඔහුට මේ පලදෙන්නේ කරන කලට මිහිරි සේ සැලකූ ඒ පව්ය.

රැකියාව නොකර වැටුප් ගනිමින්, වෘත්තීය සමිති කටයුතු සඳහා නිදහස්ව සිටින මෙම වංචනිකයන් කරන තවත් පාපකර්මයක් තිබේ. එනම්, තමන්ගේ වෘත්තීය සංගම්වල වෙනත් කිසිවකුට ඉදිරියට එන්නට අවස්ථාව නොදීමයි.

මෙහි ඊළඟ අදියර වන්නේ, විශ්‍රාම ගිය පසු ද තව දුරටත් සංගමයේ තනතුරුවල එල්ලී සිටීමයි. මහින්ද ජයසිංහ ද එය කරන්නට ඉඩ තිබේ. ඔහු උපන් වර්ෂය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්වත් සොයාගත නොහැකි දේව රහසකි.

Full-time release for trade unions
Full-time release for trade unions

Leave a Reply

Your email address will not be published. Required fields are marked *