අජිත් පැරකුම් ජයසිංහ

සුනිල් හඳුන්නෙත්ති මහතා දුන් කෝල් එකක් ගැන ආන්දෝලනයක් තියෙනවානෙ. රුවන් අසුරමුනි කියල මානව හිමිකම් සංවිධානයක සභාපති කෙනෙකු ඉන්දියාවෙන් ආනයනය කරපු කන්ටේනර් පහක කිලෝ 130,000ක හාල් වගයක් කිලෝවකට රු. 65 බැගින් වූ තීරු බදු නොගෙවා නිදහස් කරගැනීමට හඳුන්නෙත්ති ඇමතිතුමා මැදිහත් වූ බව තමයි කියන්නෙ. අපි නෙමෙයි කියන්නෙ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ හෝ එවැනි තනතුරක් තියෙන සිසිර සේනාපති කහවත්ත තමයි එයාගෙ ෆේස්බුක් ගිනුමෙ එහෙම කියන්නෙ. ඔහු කියන්නෙ මෙහෙමයි: “ඔය පහත තියෙන්නේ ඒ පිලිබද ඇත්ත කතාව තමයි..👇
ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු සහල් තොගයක් ජනතාවට බෙදාදීම සදහා නිදහස් කරගැනීම පිලිබදව ඇති වු කතාබහක හඩපටයක් සංස්කරණය කර ඒ සදහා විවිධ අර්ථකතන ලබාදෙමින් සුනිල් හදුන්නෙත්ති සහෝදරයාද ඊට සම්බන්ද කරමින් මේ වනවිට සමාජ මාධ්‍ය වලට මුදාහැර තිබේ.”

Creative Content Consultants
For all content creations, translations, editing, proofreading and typesetting in Sinhala, English and Tamil, call 077 1229191/ 077 1734470 / [email protected] / www.praja.lk/content-lanka/

ඔය කියන United Nations Human Rights Organization ගැන රසවත් කරුණු හෙළිදරව් වෙමින් ඇත.

එහෙම සංවිධානයක් එක්සත් ජාතීන්ට සම්බන්ධව නැහැ. එවැනි නම් සහිත සංවිධාන ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ හෝ සමාගම් මැදුරේ හෝ ලියාපදිංචි කරන්නට බැහැ. යුනයිටඩ් හියුමන් රයිට්ස් ඕගනයිසේෂන් කියලා සංවිධානයක් ලියාපදිංචි කරලා තියෙනවා. එහි වෙබ් අඩවිය තමයි මේ (uhro-sl. org). එය පරීක්ෂා කර බලන්න. ඔවුන්ගේ අව්‍යාජත්වය තහවුරු කරගත හැකි කිසිදු තොරතුරක් එහි නැහැ. ඒ මේකද කියන එක අපි දන්නෙ නැහැ.

United Nations Human Rights Organization නමින් ෆේස්බුක් පිටුවක් තිබෙනවා. විවිධ සම්මාන, තනතුරු ආදිය දෙන සංවිධානයක්. එසේ දෙන්නේ මුදලට බව තමයි දැනගන්නට තිබෙන්නේ. එහි නිර්මාතෘවරයා බව කියන නාමල් ජීවානන්දගේ ඡායාරූපයක් හා ඔහුට ආචාර්ය උපාධිය ලැබුණු ආකාරය පිළිබඳ ඔහුගේම ෆේස්බුක් පේජ් එකෙන් ගත් ඡායාරූපයක් ද මෙහි තිබෙනවා. එතුමා දේශපාලන පක්ෂයකත් නායකයෙකු බව කියනවා. එය ලියාපදිංචි පක්ෂ ලැයිස්තුවේ නම් නැහැ.

United Nations Human Rights Organization විසින් විවිධ පුද්ගලයන්ට එක්සත් ජාතීන්ගේ බව පෙනෙන ආකාරයේ හැඳුනුම්පත් නිකුත් කරනවා මේ එලවුන්සර් කෙනෙකුට නිකුත් කරපු හැඳුනුම්පතක්.

මං හිතන්නෙ මෙතනින් එහාට මේ සංවිධානය ගැන තවත් විස්තර අවශ්‍ය නැහැ. මොළේ තියෙන කෙනෙකුට මේවා තේරුම් ගන්න පුළුවන්. 2022 ආර්ථික අර්බුදය කාලෙ තමයි පිහිටුවලා තියෙන්නෙ. කාටත් අමාරු කාලෙනෙ ඉතින්.

ඉතින් මේ සංවිධානෙට ඉන්දියාවෙ ව්‍යාපාරිකයෙක් හාල් වගයක් පරිත්‍යාග කරලලු. ඒවා නිදහස් කරගන්න ඒ අයට කිලෝවට රු. 65 ගණනෙ බදු ගෙවන්නට තියෙනවා. ඒ බදු නිදහස් කරදෙන්නය කියලනෙ ඔය හඳුන්නෙත්ති කතා කළාය කියන්නෙ. අපි නෙමෙයි කියන්නෙ. ජනාධිපතිතුමාගෙ මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සේනාපතිතුමා.

මේ වැඩේට කර්මාන්ත ඇමතිව තෝරගෙන පටලවාගෙන තියෙන හැටිත් හරි ස්මාට්. ඇමතිට දුඹුරු සීනි උනන්දුවක් තියෙනවනෙ. ඉතින් දුඹුරු සීනි එක්ස්පෝට් කරන්න අහලා තමයි මේකත් කියලා තියෙන්නෙ. අපි නෙමෙයි, සිසිර සේනාපතිතුමා කියන්නෙ.

දුඹුරු සීනි ටිකක් නෙමෙයි, මෙට්‍රික් ටොන් 50,000ක්, කොහෙටද, ඩුබායිවලට, කෙටි කලකට නෙමෙයි දිගටම, අපනයනය කරන්න යන කොම්පැනිය තියෙන්නෙ අඟුරුවාතොට පාලම ගාවින් ගල්පාත පැත්තට යන, හරියට බස්සෙකක්වත් යන්නෙ නැති උඩුවර පාරෙ හද්ද ඩොටේ ගමක කියහන්කො. ඊමේල් එක ජීමේල්. ලංකා සීනි සමාගම ඉතින් ටක් ගාලා උත්තරත් බැඳලා.

මේ ආණ්ඩුව හොරකං කරන්නෙ නැහැනෙ. සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා අහිංසකයිනෙ. මේක ඉතින් වෙන ආණ්ඩුවකින් කළා නම් ඉතින් අනිවාර්යයෙන්ම පට්ට දූෂණයක් හොඳේ! එහෙම ආණ්ඩුවක නම් ඉතින් ඇමති, සීනි කොම්පැනියෙ සභාපති ආදී වශයෙන් මේ ගැන පෝස්ට් දාන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ දක්වාම කුට්ටි බෙදෙනවා. මේ ආණ්ඩුව එහෙම නැහැ. ඒගොල්ලො හරීරීරීරී හොඳයි. හොරකං, දූෂණ, වංචා කරනවාය කියල මං නං හිතන්නෙවත් නෑ ඕං!

ආ, තව එකක්. මේ හාල් තොගය ලංකාවෙ ජනතාවට අනුකම්පාවෙන් ඉන්දීය ව්‍යාපාරිකයෙකු පරිත්‍යාග කරලා කියනවනෙ. දැකල තියෙනවද කොහෙවත් ඒ ව්‍යාපාරිකයගෙ නම? එයා ඇනොනිමස්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *