අජිත් පැරකුම් ජයසිංහ
රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු බව කියන මේ පොර ජෝක් කරන්නෙ ලංකා ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවකි.
සිංහලයා දෙමළා පරාජය කර යුද්ධය ජයගැනීම සනිටුහන් කරන, ජනාධිපති මහින්ද රාජපක්ෂ ගුවන් යානයෙන් බැස ලක්පොළව සිපගැනීමේ අවස්ථාව දේශපාලනයේ සුසමාදර්ශීය වෙනසක් සංකේතවත් කරයි. එය දෙමළ ඊලාම්වාදයේ තීරණාත්මක පරාජයකි. එපමණක් නොව, එම වකවානුවේ ලංකාව බලය බෙදීම ඔස්සේ ජාතික වශයෙන් වඩා ප්‍රජාතන්ත්‍රීය ලෙස ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් පෙනී සිටි මා ඇතුළු දේශපාලන ධාරාවට ද එය පරාජයක් විය. එතැන් සිට රාජ්‍යය තුළ සිංහල ආධිපත්‍යය වසර 13ක කාලයක් තහවුරුව තිබිණි. එය නැවත අභියෝගයට ලක්වුණේ 2022 වසරෙහිදීය.
රාජපක්ෂ මුල් වකවානුවේ ඉගෙනුම ලැබූ පාසලේම ආදි ශිෂ්‍යයකු මේ අන්දමින් ජෝක් කිරීම ද අතිශය වැදගත්ය.
ඔහුට මේ එඩිතරකම ලැබුණේ කොහොමද? එය පසුපස තිබුණු අරමුදල්, දේශපාලනය ආදිය මොනවාද? රිච්මන්ඩ් විද්‍යාලය නම් ක්‍රිස්තියානි සම්භවයක් ඇති පාසල මහින්ද නම් තම බිග් මැච් එදිරිවාදියා ජෝක් කිරීමට මෙම ජවනිකාවම භාවිතා කළේ ඇයි?
එපමණක් නොව, මෙය විදේශ රටක දේශපාලන රැකවරණ ගැනීම සඳහා කරන ලද රංගනයක් පවා විය හැකිය. සිංහල විරෝධී, දෙමළ පක්ෂපාතී රංගනයන්ට එවැනි ‘වරප්‍රසාද’ පවා තිබේ.
රාජපක්ෂවාදය යනු රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම අධිපතිවාදයේ සංකේතයයි. 2022දී මූලික අභියෝගය එල්ල කරනු ලැබුවේ රාජ්‍යයේ මෙම ආධිපත්‍යයටයි. ඒ සඳහා ජුලී චං, කාදිනල්, ඕමල්පේ සෝභිත, සජිත් ප්‍රේමදාස, කුමාර් ගුනරත්නම් ආදී වශයෙන් සිංහල-බෞද්ධ-ගොවිගම නොවන පුළුල් බලවේගයක් පෙළගැසුණු අතර, රාජ්‍යයේ පිරිමි ආධිපත්‍යය අභියෝගයට ලක්කරන වෙනස් සමාජභාවයන්ගේ පවා දැඩි බලපෑමක් එහි තිබිණි. රනිල් වික්‍රමසිංහගේ හා අනුර-විජිත සුසංයෝගය ඔස්සේ දුර්වලව නමුදු තවමත් මෙම සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යය සුරැකී තිබේ. ජනාධිපති අනුරගේ දළදා ප්‍රදර්ශනය වැනි බොහෝ ජවනිකා ස්ථානගත වන්නේ මෙම අධිපතිවාදී දේශපාලනය තුළය.
හරිනි අමරසූරියගේ අගමැති ධූරය ද මෙහිදී වැදගත් කාරණයකි. ඇය ගාලු දිස්ත්‍රික්කයේ කරාව ප්‍රභූ පවුලකට සම්බන්ධතා ඇති කාන්තාවකි.
රිච්මන්ඩ් කොල්ලාගේ ජෝක් එක රඟදැක්වෙන්නේ මෙම පසුබිම තුළය. එය හුදු ජෝක් එකක් වුණත්, නැතත්, එහි දේශපාලනය මෙසේ ද සලකුණු වෙන එක වළක්වාගත නොහැකිය.
ජෝක් යනු හැමවිටම ජෝක්ම නොවන අතර, ඇතැම් විට වැඩියෙන්ම සීරියස් වන්නේ ජෝක් බව ඇල්බට් අයින්ස්ටයින් නොව මම කියමි.