Nalin Hewage

මාලිමාණ්ඩුව බලය ගන්නකොට විදේශ සංචිත තිබුණෙ ඩොලර් මිලියන 20ක් විතරයි කියලා මෑතදී නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ගාල්ලේ පැවති රැස්වීමකදි කිව්වා. නලින් හේවගේ බොරු කිව්වද?

නැහැ. නලින් හේවගේ විතරක් නෙමෙයි, හඳුන්නෙත්තිත් මේ බොරුව කිව්වා. ජනාධිපති අනුරත් කිව්වා ගත්තෙ බංකොලොත් වෙච්ච රටක්ය කියලා. තෙල් නැවකට ගෙවාගන්නට සල්ලි තිබුණෙ නැහැ කිව්වා. ඇයි එහෙම කිව්වෙ?

ජවිපෙ මේ කළේ එක පැත්තකින් පරීක්ෂණයක්. අනෙක් පැත්තෙන් ඒක බරපතල අත්වැරැද්දක්.

ඔවුන් සිතුවා, ජනතාව ඔවුන්ගේ බොරුවලට මුළුමනින්ම රැවටිලාය ඡන්දෙ දුන්නෙ කියලා. එච්චර බොරු කන්දරාවකට රැවටුණ මිනිසුන්ට තව මොනවා කියන්නට බැරිද කියලා ඔවුන් හිතුවා. ඒ අනුව, ඔවුන් බැලුවා මෑත ඉතිහාසය නැවත ලියන්න. ඒ කියන්නෙ ඔවුන් රට භාර ගන්නකොට තෙල් නැවකට සල්ලි ගෙවාගන්නට බැරි තත්වයක් තිබුණාය කියා කියලා බැලුවා.

මේක සමහර විට ජනාධිපතිවරයා කියන්නට ඇත්තෙ වෙනස් චේතනාවකින්. ඔහු දන්නවා ඔහු කරන්නෙ රනිල් ආරම්භ කළ වැඩේ ඉදිරියට ගෙන යන එක බව. ඔහු අදහස් කළේ එය වෙන්නට ඇති.

හේවගේ මුග්ධයෙක්. හඳුන්නෙත්තිත් එවැන්නෙක්. මේ අයට උපාධි ඇති. ඒත්, ඔවුන් බුද්ධිමතුන් නෙමෙයි. ඒ නිසා ඔවුන්ට මෝඩයන් වගේ නායකයා කියපු දේ පුනරුච්චාරණය කරන්නට ගිහින් තමයි මේ ඇනගෙන තියෙන්නෙ.

ඒකෙන් ඔවුන් පාඩමක් ඉගෙනගත යුතුයි. ජනතාව ඔවුන් හිතන තරම් මෝඩ නැහැ. ඇත්තම කියනවා නම් ජනතාව හරි කපටියි. ජනතාව විශ්වාස කළොත් ඔවුන් ඉදිරියේ දවසක අසරණ වෙන්නට වෙනවා. රාජපක්ෂලාට වුණේ ඒක.

ජනතාවගෙන් බේරෙන්නට නම් ජනතාවට ඉදිරියෙන් යන නායකයන් විය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *