පරිස්සමෙන් ජීවත් වෙන්න. හැම තැනම හොරු

අජිත් පැරකුම් ජයසිංහ
හැම තැනම හොරු. කඩේකට ගියත්, පෙට්‍රල් ෂෙඩ් එකකට ගියත්, බස් එකේ ගියත්, වෙන කොහේ ගියත්, ඉතුරු සල්ලි ටික හරි මාටියා ගහන හොරු. හරිම පරිස්සමෙන් ජීවත් වෙන්න සිදුවෙන කාලයක් තමයි උදා වෙලා තියෙන්නෙ.
මං මගේ මෝටර් සයිකලේට ෆුල් රෙපෙයාර් එකක් කරන්න භාර දුන්නා. ටැංකියෙ රු. 200ක විතර තෙල් තිබුණා. ටැංකියෙ රොඩුය කියලා පෙට්‍රල් ලීටර් දෙකක් ගෙනත් දෙන්න ය කියලා ඒ ගරාජ් එකේ බාස් කිව්වා. මතුගම ඉතාම වංචනික සේවකයන් ඉන්න ෂෙඩ් එකක් වන සුහිත් ගුණසිංහගේ අයිඕසී ෂෙඩ් එකෙන් පෙට්‍රල් ලීටර් දෙකක් ඉල්ලුවා. (මං ඒකට යන්නෙ ඉඩ තියෙන නිසා සහ සෙනග නැති නිසා) ගාන රු. 274යි. 500 ඉතුරු 220යි. මං ඇහුවා ඇයි කියලා. ඉතුරු හය දෙන්න විදියක් නැතිලු. මං කිව්වා ඉතින් ඔයාට අඩු ගානෙ ඒක කියන්න තිබුණනෙ කියලා. නැතිනම් 280ක පෙට්‍රල් ගහන්න තිබුණා.
මේකෙ ඊළඟ කොටස ගරාජ් එකේ. මේ අගලවත්ත පාරෙ යමහා සර්විස් ස්ටේෂන් එක. (පසුව එකතු කරමි: ගරාජ් එකෙන් බයිසිකලේ අරගෙන ආවා. අරන් ඇවිනුත් නැවත චෙක් කළා. එතකොට තමයි තේරුණේ ටූල් කිට් එක නැහැ. ආයෙ ගිහින් ඇහුවාම දුන්නා. දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා.)
පහුගිය දිනවල පාඩු පියවාගන්නට දැන් හැමෝම තමන්ගෙ ගනුදෙනුකාරයාට ගේම ගහනවා. ඔබවත් එහෙම නොවී ඉන්නට උත්සාහ කරන්න. ෆොටෝ කොපිය පවා ගණන් වැඩි කරලා.
සමහර ටියුෂන් ගුරුවරු පරණ සිලබස් කවර් කරන්නට ය කියා අමතර පන්ති කරමින් එක මාසෙට මාස තුන විතර ගාස්තු අය කරනවා.
මේ වගේ වංචා රාශියක් හැමතැනම.
මේ අතරෙ අන්තර්ජාලය, ජංගම දුරකථන හරහා අලුත් අලුත් ස්කෑම් එනවා. ලොකු ඉලක්කම් දැකලා තණ්හා වෙලා අමාරුවෙ වැටෙන්න එපා. (මේ ලිපියත් කියවන්න: ඩබ්ලිව්. ජයසිරි අහුවුණ ජාතියේ ඔන්ලයින් ස්කෑම් ගැන කතා කීපයක්)
පීඩිත පන්තියේ ය, මධ්‍යම පන්තියේ ය කියන එවුන් ඒ විදියට හොරකම් කරනවා. දේශපාලකයන්ගේ ගේම් හෙට අනිද්දා වන විට බලාගන්නට පුලුවන් වේවි.
මේ අතරෙ මංකොල්ලකෑමුත් වැඩි වෙලා. ගාමන්ට් එකක ප්‍රවාහනයට යොදා තිබුණ, පාර අයිනේ නතර කර තිබුණ ඇඹිලිපිටියේ ලක්ෂ 32ක් වටින බස් එකක් හොරෙන් මොරගහහේනට ගෙනැවිත් රු. 270,000කට විකුණපු කතාවක් අද ලංකාදීපෙ තිබුණා. පොලිසියෙන් සීසීටීවී කැමරා දර්ශන හඹා ගොස් ගරාජයට යනකොට බසය කෑලිවලට විකුණලාත් ඉවරයි. සීට් ටික තිබුණෙ වවුනියාවෙ.
ඉතා පරිස්සමෙන් ජීවත් වෙන්න. අහක බලන්න එපා. කන අහිමි වෙයි.
මා ඔබේ ආහාරය නොවේ නම් – ඔබ මගේ ආහාරයයි.
Mehew samaajayak thamai udea hawaa bana pirith ahamin 2500 athietha siri viboothiya kabal gaane .
Sirilankika janathawa yai kiyaa ganna athi bahutharekuth , niethigaru koranne yai papuwata gasamin kiyana aanduwakuth rate nilawasayen sthaapitha kerenu niethi raamuwa binda kesakawadhi , samajaye siduwana horakam AGGALAWAKI .
Namuth oya degolloma dena denama serasenne GINDARATH samaga sellam kiriemataya .
Ae sellamen ath pichchenne Poosange viya heka !