ගුවන් යානයක එල්ලී පළා යන්නට පුළුවන්ද?

කාබුල් නුවරින් පිටත් වන ගුවන් යානාවල එල්ලී පළායන්නට උත්සාහ කරන මිනිසුන් ගුවන් යානාවලින් බිමට වැටී මියයන කණගාටුදායක දර්ශන මේ දිනවල දකින්නට ලැබෙනවා.
ගුවන් යානාවල හෝ වෙනත් එවැනි වාහනවල යම් යම් ස්ථානවල සැඟවී තැනින් තැනට යන පුද්ගලයන්ට ඉංග්‍රීසියෙන් stowaway (ස්ටව්අවේ) කියන වචනය භාවිතා වෙනවා. එනමින් ඉංග්‍රීසි චිත්‍රපටයකුත් තිබෙනවා. එහි කතාව අඟහරු බලා යන අභ්‍යවකාශ යානයක සැඟවී සිටින ගගනගාමියකු නොවන මිනිසකු නිසා ඇතිවන තත්වයක් පිළිබඳවයි. එහි ට්‍රේලරය මෙතැනින් බලන්න:
බොහෝ විට, මෙවැනි ගමන්වල යෙදෙන අය සැඟවෙන්නේ ගුවන් යානයේ රෝද හැකිලී රැඳවෙන ස්ථානයේයි. එම විවරය නැවත විවෘත වන්නේ ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේදීයි.
ඇෆ්ගනිස්ථානයේ ගුවන් යානයෙන් වැටුණු මිනිසුන් එල්ලී ගියේ එහි බඳේ කිසියම් තැනක විය හැකියි. එසේ එල්ලී යන්නන් අධික සුළඟ නිසා ඉතා පහසුවෙන් ගුවන් යානයෙන් බිමට වැටෙනවා.
රෝද රැඳවෙන ස්ථානය තුළ සැඟවෙන අය හැකිළෙන රෝද වලට සිරවී පොඩිපට්ටම් වන්නට පුළුවන්. එපමණක් නොවෙයි, ගුවන් යානා එන්ජින්වල අධික ශබ්දය නිසා ඔවුන්ගේ කණ් බිහිරි වන්නට පුළුවන්. ගුවන් යානය ඉහළට එසවෙන විට අධික ශීතල නිසා මියයා හැකියි. උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 50ටත් වඩා අඩුවිය හැකියි. එවිට හයිපොතර්මියා නම් තත්වයෙන් කෙනෙකු මියයා හැකියි.
අඩි 18,000ක් විතර ඉහළට යන විට ශරීරයේ කොටස්වලට හෝ සමස්ත ශරීරයටම ඔක්සිජන් ප්‍රමාණවත් ලෙස නොලැබීම නිසා හයිපොක්සියා නම් තත්වයෙන් පුද්ගලයකු දුර්වල වෙනවා.
අඩි 22,000ක් විතර ඉහළට යන විට රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවෙනවා. සිහි නැතිවෙනවා.
සාමාන්‍යයෙන් දුර ධාවනය වන ගුවන් යානා අඩි 33,000ක් විතර ඉහළට ඔසවනවා. එවිට පීඩනය ඉතා අඩුයි. හුස්ම ගැනීමට පෙණහලුවලට ඔක්සිජන් අධාරකයක් අවශ්‍යයි.
ගුවන් යානයක් ගොඩබෑම සඳහා රෝද පහත් කිරීමට විවරය විවෘත වන විට එහි රැඳී සිටි පුද්ගලයා බිම ඇදවැටී මියයා හැකියි.
කෙසේ වෙතත්, මෙවැනි ගුවන් ගමන් සාර්ථකව නිමා කළ අය ද කලාතුරකින් ඉන්නවා. 2014 වර්ෂයේදී 15 හැවිරිදි යහියා අබ්දි කැලිෆෝනියාවේ සිට හවායි දක්වා පියාසර කරන ගුවන් යානයක රෝද රඳවන ස්ථානයේ සැඟවී පැය පහක් පණ බේරාගෙන ගමන් කරනවා. ඔහු එතැනින් පහළට පැමිණ ධාවන පථයේ ඇවිදින ආකාරය ආරක්ෂක කැමරාවල සටහන් වෙනවා.
පහත වීඩියෝවේ දැක්වෙන්නේ එම අවස්ථාවයි.
ඔහු සැඟවී යන්නට ඇතැයි සිතන්නේ මෙසේයි:
පහත දැක්වෙන්නේ මෙවැනි ගුවන් ගමනකින් දිවි ගලවාගත් අයෙකු සමග සාකච්ඡාවක්
Ellie palaayanna beri wunth , owhu uthsaha kale ai ! ?
Samajaya thula pawdgalikawama roopanayawana jiewithaya ( panakenda ) wenuwen avinishchitha biya haa anaaganye andurubawa awabodhawanavita thamaa wesena iwren wenath thotennakata peniema awasyathawaya magin athikaranu labana sebea wuwamanaawa nisaa noweida ?
1970 we keralla da ieta pasu kereli da athiwoo ekala tharuna paramparaawata thama pewethme avinischithabawa denumu nisaama viya heka .
Ehidie owhu , kohe ho ellie giyaada !
Ekala tharunayo den viyapawa bohomaya haasi putuwalaya .
Noothana thano anaadathya avinischita yai awaboda karaganne aanduwe andilla ahalaamaya .
Minis jiewitha paradaa aarthikaya haa naya baratama bara thabana paalakayan haa mithudam makkatei sithenu atha .
Anna ae virasakaya thawath arambumaka kalalayak viya nohekida .
Hebei eweni kalayange piethruwaru edaa sita ada dakwaa majara paalaka kalli noweada !