President Anura at May Day rally

අජිත් පැරකුම් ජයසිංහ

ගෝටා පැන්නූ ආන්තික සමාජ මාධ්‍ය බලකාය මාලිමා ආණ්ඩුවට එරෙහිව සක්‍රිය වී ඇත.

එකක් කිව යුතුය. මෙම අරාජිකවාදී බලවේගය ආණ්ඩුකරණයට ඉඩ දෙන්නේ නැත. වරදක් නිවැරදි කරගන්නට ඉඩක් දෙන්නේ නැත. ඔවුන් වගකීමක් ගන්නේ ද නැත.

මේ විසකුරු බලවේගය රෙද්ද පල්ලේ දමාගත්තේ මාලිමාවමය. රෙද්ද ගසා දැමීමද ඔවුන්ගේම වැඩකි.

මෙවැනි අවස්ථාවක නොකළම යුතු දෙය වන්නේ ආණ්ඩුවේ මෝඩ උද්ධච්ඡකමට එරෙහිව මේ විසකුරු බලවේගය සමග අත්වැල් බැඳගැනීමයි. අපට ද මේ ආණ්ඩුවේ අය කළ අපහාස මතකය. එහෙත්, හැඟීම්වලට වහල් නොවිය යුතුය.

ඕනෑම ආණ්ඩුවක් අතින් වැරදි සිදුවේ. ඇතැම් වැරදි සංවේදී කාරණා සමග සම්බන්ධය. එහෙත්, ඒවා පාවිච්චි කර සිදුකරන ආවේගශීලී ප්රොපගැන්ඩා හඳුනාගත යුතුය. මේ කරන්නේ අරාජිකත්වය සඳහා ජන මනස නොමග යැවීමයි. මෙම කැම්පේන් පිටුපස ද බලවේග ඇත.

වැරදි නිවැරදි කිරීමට ආණ්ඩුවට උපකාර කළ යුතුය. අරාජිකවාදී, විසකුරු සමාජ මාධ්‍ය බලවේගයට ඉඩ නොදිය යුතුය.

මේ නයින්ට කිරි පෙවූ ඉතිහාසයේ ප්‍රතිඵලයක් ලෙස සමහර නයි දැන් ඇතුළටම රිංගාගෙන ඇති බව ද කිව යුතුය.

ජවිපෙ තමන් වැපිරූ වෛරයේ අස්වනු නෙළාගත්තාට කමක් නැත. මේ රට යළි අගාධයේ පතුලට ඇද නොදැමිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *