මිලින්ද මොරගොඩ විසිනි

1970 දශකයේ දී අයි.එන්.එස්. වික‍්‍රාන්ත් ඉන්දීය නෞකාව විශේෂ සංචාරයක් ස`දහා කොළඹ වරායට පැමිණියේය. දෙවැනි ලෝක යුද්ධ කාලයේ බි‍්‍රතාන්‍යයෙන් ලබාගත් පැරණි එච්. එම්. එස්. හර්කියුලිස් නෞකාව එනමින් නම් කර තිබුණි. එම නැව දැක බලාගන්නට මාගේ පියා සම`ග එයට ගොඩ වූ අයුරු මට තවමත් හොඳින් මතකය. නොබෝදා කොළඹට සේන්දු වූ අයි.එන්.එස්. වික‍්‍රාන්ත් ඉන්දියාව නිපදවන ලද නවතම ආරක්ෂක නෞකාවකි. පැරණි නෞකාව භාවිතයෙන් ඉවත් කිරීම සමග අලූත් නෞකාව වික‍්‍රාන්ත් ලෙසම නම් කර තිබේ. එකල විනෝදාංශයක් වශයෙන් ගුවන් යානා සහ නෞකා, විශේෂයෙන් ගුවන් යානා ප‍්‍රවාහන නෞකා ආකෘති නිර්මාණය කිරීමට මම ඉතා කැමැත්තක් දැක්වූයෙමි. ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවකට ගොඩවූ ප‍්‍රථම අවස්ථාව සිහිපත් වේ. මාගේ පරිකල්පනය සහ විස්මය යන දෙකම කැටිකරගත් එම වානේ යෝධයා මතට ගොඩවීමේ ප‍්‍රථම අත්දැකීම මට කිසිදා මතකයෙන් බැහැර නොවෙන මතකයකි.

 ජාත්‍යන්තර නාවික සංදර්ශණය සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරය නිමිතිකරගෙන ඉන්දියාව සම්පූර්ණයෙන්ම එරට දී  නිපදවන ලද නව අයි.එන්.එස්. වික‍්‍රාන්ත් නෞකාව, සිය මංගල විදෙස් සංචාරය ලෙස ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව නිවේදනය කළ විට, එය දශක පහකට පමණ පෙර ළමා කාලයේ මතකය වර්තමානය හා යා කරන තියුණු අතීත ආවර්ජනයක් ඇති කළේය. වික‍්‍රාන්ත් නෞකාවේ ගමන කොතරම් දෛවෝපගත සහ අර්ථවත් එකක් දැයි මට අවබෝධ කරගත හැකි වූයේ එයින් අනතුරුවය.

 නෞකාවක් ප‍්‍රථම ප‍්‍රතිචාර දක්වන්නා බවට පත් වූ අවස්ථාව

බරපතල විනාශකාරී බලපෑමක් ඇති කරමින් ‘දිට්වා’ සුළි කුණාටුව ශ‍්‍රී ලංකාවට කඩා වැදුණේය. සංඛ්‍යා ලේඛනවලට අනුව ගණනක් මිය ගොස් ඇති පිරිස පන්සියයකට ආසන්නය. තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදහන්ය. ලක්ෂ ගණනක් අවතැන් වී සිටී. මහා මාර්ග, පාලම් ඇතුළු යටිතල පහසුකම් සහ නිවාසවලට සිදු වූ හානිය අතිවිශාලය. මෙම ව්‍යසනය හමුවේ වහාම ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටීමට රජය කටයුතු කළේය. එයට ප‍්‍රතිචාර වශයෙන් ඉන්දියාව පැය කිහිපයක් ඇතුළත ක‍්‍රියාත්මක විය.

 ‘සාගර් බන්ධු’  මෙහෙයුම යටතේ මානුෂීය සහන කටයුතු කඩිනමින් ක‍්‍රියාවට නැංවිණි. පුදුම සහගත අහඹු සිදුවීමක් ලෙස, අයි.එන්.එස්. වික‍්‍රාන්ත් ගුවන් යානා ප‍්‍රවාහන නෞකාව සහ එයට  සහාය වන අයි.එන්.එස්. උදයගිරි නෞකාව එම අවස්ථාව වන විටත් කොළඹ වරායේ නැංගුරම් ලා තිබුණි. මෙම මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා අයි.එන්.එස්. සුකන්‍යා නෞකාව ද ඉක්මනින් ඔවුන් හා එක් විය.

 අසල්වැසියා පළමුව- ශ‍්‍රී ලංකාව උදාහරණයක් ලෙස

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ‘අසල්වැසියා පළමුව’ ප‍්‍රතිපත්තිය යටතේ, ඉන්දියානු රජය මෑත කාලය තුළ තීරණාත්මක ලෙස ශ‍්‍රී ලංකාවට සහාය වීමට ඉදිරිපත් වූ තෙවන අවස්ථාව මෙයයි. පළමුවැන්න 2020-21 කාලයේ කොවිඞ්-19 වසංගතය අතරතුර ක‍්‍රියාත්මක කළ ‘වැක්සින් මෛත‍්‍රී’  වැඩ සටහනයි. දෙවැන්න 2022 ආර්ථික බිඳවැටීම හමුවේ ඇමරිකානු ඩොලර් බිලියන හතරකට අධික මූල්‍ය ආධාර සැපැයීම බව ස`දහන් කළ හැකිය. අද මුහුණ දී ඇති  විපත් අවස්ථාවේ දී සපයන ලද කඩිනම් ආපදා සහන සමග තෙවන වරටත් සහාය හිමි වී ඇත.

 ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වූ මෙම වැඩසටහන් මගින්, නැගී එන බහුධ‍්‍රැවීය ලෝකය (^Multipolar World& තුළ අසල්වැසි රාජ්‍යතාන්ත‍්‍රිකභාවය පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව වඩාත් යෝග්‍ය ආදර්ශයක් සපයයි. ඉන්දු-ලංකා සම්බන්ධතාවය හුදෙක් ඉඳහිට සිදුවන ගනුදෙනුවලින් ඔබ්බට ගොස්, නම්‍යශීලී, ප‍්‍රතිචාරාත්මක සහ බහුපාර්ශවීය සහයෝගීතාවයක් දක්වා වර්ධනය වී ඇත. එකවර මානුෂීය, ආර්ථික සහ උපායමාර්ගික අභියෝගවලට මුහුණ දීමේ සමත්භාවයක් එම සහයෝගීතාවයට තිබේ.

 අයි.එන්.එස්. වික‍්‍රාන්ත් නෞකාව ශ‍්‍රී ලංකාව මුහුණ දුන් අසීරුතම අවස්ථාවක කොළඹ නවතා  තිබීමේ සංකේතය මෙහි දී අතිශය වැදගත්ය. ජාත්‍යන්තරයේ පවතින මතවාද අනුව ගුවන් යානා ප‍්‍රවාහන නෞකා බලහත්කාරය හෝ බලය පෙන්වීමේ මෙවලම් සේ හුවාදක්වමින් සිටී. කෙසේ වෙතත්, වික‍්‍රාන්ත් නෞකාව කොළඹ දී සිය නාවික හැකියාවන් යළි නිර්වචනය කළේ සාමයේ, මානුෂීය සේවයේ සහ අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීමේ මෙවලමක් වශයෙනි. මෙය තර්ජනය කිරීම වෙනුවට සහකම්පනය සහ දැඩි බලය මගින් සහාය ලබන මෘදු බලය සම්බන්ධ ප‍්‍රායෝගිකත්වය ප‍්‍රකාශ කරන ලද බව ස`දහන් කළ හැකිය.

 ඉන්දිය-ජපාන සහයෝගීතාව තුළින් නව අවස්ථාවක්

 ශ‍්‍රී ලංකාව තවමත් උග‍්‍ර අවදානමක පසුවේ. 2022 දී සිදු වූ ආර්ථික කඩාවැටීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  වැඩසටහන යටතේ යථා තත්ත්වයට පත්වීමට උත්සාහ දරමින් සිටියදී, යන්තමින් ලබා ගත් ස්ථාවරත්වය සුළි කුණාටුව සමග ඇති කරන ලද විශාල පරිමාණයේ ව්‍යසනයක් මගින් ආපසු හැරවීමේ අවදානමක් පවතී. ඉන්දියාවේ කඩිනම් ප‍්‍රතිචාරය මගින් ශ‍්‍රී ලංකාවේ පළපුරුදු ආපදා කළමනාකරණ සහ හමුදා කණ්ඩායම්වලට තීරණාත්මක සහායක් ලබා දී ඇතත්, අඛණ්ඩ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා පුළුල් ජාත්‍යන්තර මැදිහත්වීමක්, සම්පත් රැස් කිරීමක් සහ අලූත් ආයෝජනයක් අවශ්‍ය වේ.

 ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සම්බන්ධීකරණය වූ පශ්චාත්-ආපදා ප‍්‍රතිසංස්කරණ සහ යථා තත්ත්වයට පත්වීමේ වැඩසටහනක් සඳහා නායකත්වය දීම කෙරෙහි මෙම අවස්ථාවේ දී ඉන්දියාවට සලකා බැලිය හැකිය. අනාගත කලාපීය සහයෝගීතා රාමු සඳහා මූලාකෘතියක්  ලෙස ද එය ආකෘතිගත කළ හැකිය. ජපානය මෙවැනි කාර්යය ස`දහා නිරන්තර හවුල්කරුවෙකි. ශ‍්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන සහායකයෙකු වන ජපානය ඉන්දු – පැසිෆික් කලාපය තුළ ඉන්දියාවේ විශ්වාසවන්ත උපාය මාර්ගික හවුල්කරුවෙකු වශයෙන් ද කටයුතු කරමින් සිටින අවස්ථාවක මෙම සබ`දතා ප‍්‍රයෝජනවත්වේ.

ඉන්දියා-ජපාන හතර වැනි සමුළුව ^India – Japan Forum& මෙම සති අන්තයේ නව දිල්ලි නුවරදී පැවැත්වෙන අතර එය දෛවෝපගත සිද්ධියකි. දෙරටේ නිලධාරීන්, විද්වතුන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයින් කලින් මුණගැසී මෙම සමුළුවට සූදානම්වනු ඇත. ඉන්දියාව හා ජපානය එකතු වී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා විපතින් නැවත ගොඩනැගීමේ උපායමාර්ගික සම්බන්ධීකරණය ඇති කරන අවකාශයක් තිබේ. අන්‍යෝන්‍ය සංවර්ධන ශක්තීන් ඒකාබද්ධ කරමින්, නැගී එන බහුධ‍්‍රැවීය ලෝක රටාව තුළ ඉන්දියාව සහ ජපානය එක්ව කටයුතු කළ හැකි ආකාරය පෙන්නුම් කරන නියමු ව්‍යාපෘතියක් බවට ශ‍්‍රී ලංකාවේ නැවත ගොඩනැගීමේ ක‍්‍රියාවලිය පත් කළ හැකිය.

කෘතවේදීත්වය සහ ඉදිරි මාවත

ජාතික ව්‍යසනයන්හිදී ඉන්දියාව ලබා දුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ සහ මහජනතාව ගේ බලවත් කෘතඥතාව පළ වී තිබේ. දෙගිඩියාවකින්, වාසි අවාසි ගණනය කිරීමකින් හෝ හුදු වාගාලාපවලින් තොර, ස්ථිර සහ කඩිනම් ක‍්‍රියාවලියකින් ප‍්‍රතිචාර දක්වන අසල්වැසියෙකුගේ වටිනාකම පසුගිය සතියේ සිදුවීම් මගින් නැවත වරක් තහවුරු විය.

 ආත්ම විශ්වාසයෙන් යුත් සහ ස්වයංපෝෂිත ඉන්දියාවක සංකේතයක් බ`දු  අයි.එන්.එස්. වික‍්‍රාන්ත් නෞකාව, යුද නෞකාවක සිට මානුෂීය මෙහෙයුමක් බවට පරිවර්තනය වීමත් සම`ගම, මෙම සිද්ධිය කලාපීය නායකත්වයේ නව ආකෘතියක උත්පාදනය ද සංකේතවත් කර තිබේ.

ප‍්‍රතිසංස්කරණය, නැවත ගොඩනැගීම සහ ඉදිරි සංවර්ධන පිළිබඳ ඉන්දිය-ජපාන සහයෝගීතා ආකෘතියක් සඳහා ශ‍්‍රී ලංකාව අත්දැකීමක් බවට පත් වුවහොත්, මෙම මොහොත ආසියානු උපායමාර්ගික සහයෝගීතාවයේ වඩාත් වැදගත් පරිච්ෙඡ්දයක ආරම්භය සනිටුහන් කරනු ඇති බව නිසැකය. තර`ගකාරීත්වය නොව වගකීම මත හැඩගැසුණු එකක් බවට මෙම සහයෝගීතාවය වනු ඇත. එවැනි තැනනකට යොමු කරගැනීම අපගේ වගකීම බව ස`දහන් කළ හැකිය.

(මිලින්ද මොරගොඩ හිටපු ශ‍්‍රී ලංකා කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වන අතර, ශ‍්‍රී ලංකාවේ උපායමාර්ගික කටයුතු පිළිබඳ බුද්ධි මණ්ඩලයක් වන ‘පාත්ෆයින්ඩර් පදනම’ (^Pathfinder Foundation& නිර්මාතෘවරයාය [email protected] මගින් ඔබගේ අදහස් එවිය හැකිය.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *