• අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

අපට ගෑනු නිසා අරෙහෙමයි මෙහෙමයි කියන පුරුෂ විරෝධී සදාතනික වින්දිතභාවයෙන් එහාට යන්න බැරිකම තමයි ඊයෙ පාර්ලිමේන්තුවේ හරිනිගෙ ⁣කතාවෙ පවා තිබුණෙ.

අල්ලපු පුටුවෙ ඉන්න බිමල්ගෙනුයි පැලවත්තෙන් කොන්ට්‍රෝල් කරන්න දාන එරංගලා වගේ අය⁣ගෙනුයි මුලින්ම නිදහස් වෙන්න. පැලවත්තෙ පිරිමින් විසින් ආර්ථික ස්වාධීනත්වය පවා අහිමි කළ සංදර්භයක ඉන්න වින්දිතයන් පිරිසකට ලංකාවෙ කාන්තාවන්ට නායකත්වය දෙන්න බැහැ.

මුලින්ම ගැහැනු අපි එක මිටට කියලා ඔය පැලවත්තෙ පුරුෂාධිපති යදමිවලින් මිදෙන්න. ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව සඳහා අරගලය ඔය තරම් නින්දිත විදියට පාවාදෙන්න එපා.

හරිනිට වඩා ලක්මාලි ඉදිරියෙන් ඉන්නවා. ඇය හරිනි තරම් වික්ටිම් ප්ලේ කරන්නෙ නැහැ.

ඊයෙ මේගොල්ලන්ට අවස්ථාවක් ලැබුණා, බොඩි ෂේමිං හා ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව ගැන රටටම පාඩමක් කියල දෙන්න. ඒක සජබ විතරක් නෙමෙයි පැලවත්තවත් දන්නෙ නැහැ.

ලංකාවෙ ගැහැනු මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එවපු ‘අයියලගෙ සහෝදරියන්ට හා නම්කිලාට’ වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ. ඔවුන් තෝරලා පාර්ලිමේන්තු එව්වෙ නායිකාවන් නෙමෙයි, තමන්ගෙ ‘වහ ලියන්’.

ගැහැනු අපි එක මිටට කියන්නෙම පිරිමි බල ව්‍යාපෘතියක අතකොලුවක්. ඒකෙ හැබෑ නම ‘අත පල්ලෙන් පාර්ලිමේන්තුවේට’ වගේ වුණා නම් වඩා නිවැරදියි.

ලංකාවෙ ස්ත්‍රී අරගලය වෙනුවෙන් මේ මාලිමා මන්ත්‍රිනීන් යමක් කරනවා නම් මුලින්ම ඔවුන් පැලවත්තෙන් ස්වාධීන විය යුතුයි. පැලවත්තට ඕනැ විදියට වික්ටිම් ප්ලේ කරන එක නැවැත්විය යුතුයි. එහෙම නැතිනම් හරිනිට ලැබුණු අගමැතිකමෙන්වත්, 10%ක මට්ටමට ගෙනාපු පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයෙන්වත් කිසිම සමාජ සංවර්ධනයක් වෙන්නෙ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *