Athwelthota Waterfall

Matugama.com

කෑගල්ල දිස්ත්‍රික්කයේ බන්දුල පෙතියා නම් ඒකදේශික මත්ස්‍යයාගේ වාසභූමිය සංරක්ෂණය කිරීමට කටයුතු කළ පරිසර ඇමති ධම්මික පටබැඳිගේ පරිසර අමාත්‍යාංශය මෙගවොට් එකක හෝ 1.5ක ජල විදුලි බලාගාරයක් වෙනුවෙන් ඒක දේශික මත්ස්‍යයින් 19කගේ වාසභූමිය විනාශ කරන්නට යන බවට පරිසරවේදියෝ චෝදනා කරති.

ධම්මික පටබැඳි අධ්‍යාපනය ලැබූ මතුගමට ආසන්න ප්‍රදේශයක පිහිටි අත්වැල්තොට පිලිතුඩු ඇල්ල ආශ්‍රිතවයි මේ ගැටලුව මතු වී තිබෙන්නේ.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි පැලැන් ගඟේ අත්වැල්තොට ඇල්ල ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට 2014 වසරේ පමණ සිට සූදානමක් තිබේ. එහෙත්, පරිසර හිතවාදීන්ගේ විරෝධය නිසා එය කළ නොහැකි විය.

නැවත එම සැලසුම ක්‍රියාත්මක කිරීමට යන්නේදැයි සැකයක් පරිසරවේදීන් විසින් මතු කරමින් තිබෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ සංචාරය කිරීමත් සමගය. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම නිරීක්ෂණය යොදාගෙන ඇත්තේ අත්හිටවූ බලාගාරය යළි ඉදිකිරීමේ අරමුණින් බවයි.

පෙර තිබුණු සැලැස්ම අනුව, අත්වැල්තොට ඇල්ලට ඉහළින් වේල්ලක් ඉදිකර ජලාශයක් තනා එතැන් සිට කිලෝමීටරයක් පමණ පහළට ජලය රැගෙනවිත් බලාගාරයක් මගින් විදුලිය නිපදවීමට යෝජනා කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ සංවේදීම පරිසර කලාපය වන පාලින්දනුවර, අත්වැල්තොට ඇල්ල ලෝකයේ වඳවීයෑමේ තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂ කීපයක එකම වාසභූමියයි.

ලංකාවට ආවේණික වූ මත්ස්‍ය විශේෂ 53ක් අතරින් මත්ස්‍ය විශේෂ 32ක් අත්වැල්තොට ඇල්ලට පමණක් ආවේණිකය.

ලෝකයේ වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇති 1998දී ලොවට හඳුන්වා දුන් මෙරටට ආවේණික ‘‘මාර්ටින්ස්ටයින්’’ වැලිගොව්වා සහ වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්ව ඇති 1957දී හඳුනා ගන්නා ලද ‘කළු වරල් හල්මල් දණ්ඩියා’’ගේ නිජබිම ද අත්වැල්තොට ඇල්ලය.

මෙම සංවර්ධන ව්‍යාපෘතියේ දැඩි පාරිසරික හානි අවදානමක් තිබෙන බව ද පරිසරවේදීහු පෙන්වා දෙති.

Athwelthota Waterfall
Black-lined Golden Rasbora

Leave a Reply

Your email address will not be published. Required fields are marked *