cannabis

අජිත් පැරකුම් ජයසිංහ

බෙංගමුවේ නාලක හිමි කංසා වගාව නීතිගත කරන ලෙස කරන ලද ඉල්ලීම ද, දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි හැරෙන තැපෑලෙන් එම ඉල්ලීම ඉටු කරන බව කීම ද අහඹු සිදුවීම් නොවේ.

Translations by Creative Content Consultants

මේවා සැලසුම් සහගත නාටකයක ජවනිකා විය හැකි ය. එසේ නැතිනම්, අහඹු ලෙස පැන නැගුණු අවස්ථාවක් උපයෝගී කරගැනීම විය හැකි ය.

කංසා නීතිගත කිරීම ලංකාවේ වාමාංශික, ලිබරල්, රැඩිකල්, බොහිමියන්, කලා ආදී සමාජ උපකුලකවල ප්‍රසාදයට හේතු වන බව නිසැක ය. එසේම, මදන මෝදක වැනි දේශීය වෛද්‍ය නිෂ්පාදනවලට වෙළඳපොළ පුළුල් කරගැනීමට ද, වී ගොවිතැන් කරමින් සදා දිළිඳුකමේ ගිලී සිටින ගොවීන්ට හොඳ මිළක් සහිත වගාවක නියැලීමේ අවස්ථාව ද ලැබෙනු ඇත.

කංසා භාවිතය මත්පැන්, දුම්වැටි පමණක් නොව, සීනි හා ලුණුවලට සාපේක්ෂව ද එතරම් හානිකර නැත.

කෙසේ වෙතත්, කංසා නීතිගත කිරීමේ යෝජනාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස ප්‍රසිද්ධ අයට වත්මන් ආණ්ඩුව යටතේ ලැබී තිබෙන තැන ද සමගින් සමස්තයක් ලෙස සලකා බැලිය යුතු ය.

ශ්‍රී ලංකාව වනාහි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයකි. ලංකාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව දැන් හෙළිදරව් වී හමාර ය. රටේ සංසරණය වන කුඩු කන්දරාව පරිහරණය කරන්නට තරම් ඇබ්බැහි වූවන් මේ රටේ නැත. ඇබ්බැහි වූවන්ට පවා එහි මිල දරාගන්නට බැරි ය. මිල දරාගන්නට හැකි ඉහළ සමාජයේ අය මත්ද්‍රව්‍ය භාවිතා කරන ආකාරය තුළ යම් විධිමත්බවක් තිබේ.

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කළු සල්ලි අත්‍යවශ්‍ය තත්වයක් නිර්මාණය වී තිබේ. කංසා නීතිගත කිරීමේ යෝජනාවේ සිට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආණ්ඩුවෙන් ලැබී ඇති තැන දක්වා කාරණා විග්‍රහ කරගත යුත්තේ එතැන සිට ය.

හාමුදුරුවරුන් ලවා ඉදිරි කාලයේදී තව බොහෝ යෝජනා ඉදිරියට ගෙන එනු ඇත.

ලංකාවෙන් එළවළු පලතුරු පිටරට යැවීම පවා අලුත් ම දේ ලෙස පෙන්නා අමන්දානන්දයට පත් කළ හැකි ජනතාවක් සිටින රටක පාලකයන්ට බොහෝ දේ පහසුවෙන් සිදු කළ හැකි බැවින් ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව හා එහි සමාජය දැවැන්ත පරිවර්තනයකට ලක්වන දේ සිදු විය හැකි බව කරුණාවෙන් සලකන්න.

Photo credit: sensiseeds.com

Translations

2 thoughts on “කංසා හාමුදුරුවරු සහ කුඩු ඇමතිවරු තේරුම් ගැනීම

  1. Wathman Sri lankika athi bahuthataya redhi kachchiya pennuwama milata gena sannaliyanta mudal athin dee , anduma thamanma andadanna pirisaki . Aanduwata harima pahasui . Munta andawanna wehesa gathayuthu netha .
    Thawada sithannath kammeli minissuya .
    Mul pitapathe nothibunath , veadikawe naluwata ahamben adho waathayak giyath amandanandayata pathivie huraai kiyana amanayo relak sitinne mea looken uthum rate pamanakma vita heka .!

  2. පැරා,

    මේ ගැන ඔබෙන් ඇසීමට ඇත්තේ ඉතා සරල ප්‍රශ්න කීපයක් පමනයි

    01. කන්සා ලෝකයේ තහනම් උනේ ඇයි
    02. කන්සා ඉතාම භයානක “schedule one drug” ලෙස නම්කර ඇත්තේ මොන පදනම මතද ?
    03. අරක්කු සිගරට් හා සැසදීමේදී මෙතෙක් කාලයට මියගිය පිරිස කොපමණද ?

    කංසා පාවිච්චි කරන ලොව ප්‍රකට මිනිසුන් කවුද සහ ඔවුන් පාවිච්චි කරන්නේ ඇයි ?

    ඇපල් ආයතනයේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් , බිල් ගේට්ස් (මොහු මේගැන ප්‍රසිද්ධියේ පිළිනොගත් නමුත් කැලිෆෝනියාවේ කංසා නිතිගත කිරීමට පක්ක්ෂව චන්දය දුන්න ) , Oprah Winfrey , Richard Branson වැනි අය තම පුද්ගලික ජිවිතයේ කංසා පාවිච්චි කිරීම මගින් ලොව දෙස තෙවැනි මානයකින් බැලීමේ හැකියාව තිබෙන බව ඔවුන් ලොවට දායාද කර ඇති නිමවුම් වලින් තේරුම් ගන්න පුළුවන්.

    ලොව කංසා තහනම් වුනේ ඇයි කියන දේ මෙයින් තේරුම් ගන්න පුළුවන්
    https://www.youtube.com/watch?v=JoWg0XNE7TQ

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: