President Gotabaya Rajapaksa in parliament

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පවත්වන ලද කතාව කෙරෙහි අවධානය යොමුකළ යුතුය. එය ඉතා සාමකාමී කතාවකි. එහෙත්, අසම්පූර්ණය. මෙවැනි අභියෝගාත්මක සමයක ජනාධිපතිවරයකුගෙන් ඊට වඩා ශක්තිමත් ප්‍රකාශනයක් අවශ්‍යය. Continue Reading

Marxists

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2022-01-16 ලංකාව මුහුණදෙමින් සිටින අර්බුදය හුදෙක්ම ආර්ථිකයට සීමාකරන්නට බැහැ. එය සමාජ දේශපාලන අර්බුදයක්. සංස්කෘතික අර්බුදයකුත් එහි තිබෙනවා. විසඳුම් සාකච්ඡා කරනකොට, යෝජනා කරනකොට මේ කාරණාත් වැදගත් වෙනවා. අර්බුදය ගැන විවිධ සමාජ කණ්ඩායම් අතර විවිධ සාකච්ඡා තිබෙනවා. ඒ සාකච්ඡාකරුවන් අතර ප්‍රධාන ධාරා දෙකක් පවතිනContinue Reading

Appachchi Mala

මං නිරීක්ෂණය කරල තියෙන බිම් මට්ටමේ අමුතු සීන් එකක් තමයි මේ නිකම් පහතරට අපි වගේ එව්වො පවා ළමයින්ට තමන්ගෙ මහඑකාට අප්පච්චි කියන්න පුරුදු කරන එක. මං හිතන්නෙ අප්පච්චි කියන වචනෙ භාවිතා වෙන්නෙ/ වුණේ නුවර කලාවියෙ. ඒ වුණාට දැන් ඒක සිංහල බෞද්ධ ජාතිවාදී රැල්ල එක්ක සම්බන්ධ වෙලා මේ නුවර කලාවිය එක්ක වෙළඳාමක්වත් නොකරන එවුන්ගෙත් ළමයි උන්ට අප්පච්චි කියන රැල්ලක් නිර්මාණය වෙලා.Continue Reading

gotabaya rajapaksa in organic farm

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2022-01-10 රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට අතිවිශාල වශයෙන් ජනප්‍රියත්වයෙන් පිරිහී හමාරය. නිර්මාණය වී තිබෙන ආර්ථික අර්බුදය එයට ප්‍රධාන හේතුවයි. එය ඔවුන්ගේ ආර්ථික දේශපාලනික වැඩසටහන්වලට ද බාධාවකි. පසුගිය සතියේ ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරන ලද ආර්ථික සහන පැකේජ අනුව සංස්ථා, මණ්ඩල, අධිකාරි ඇතුළු රාජ්‍යContinue Reading

Mahinda Rajapaksa and Sarath Nanda Silva

ලංකාවේ දේශපාලනය හොරකම එක්ක ඇතුළතින්ම සම්බන්ධයි. මේ වෙලාවෙ ජවිපෙට ආණ්ඩුව ඉක්මණින් ගෙදර යවන්නට බැරි වෙන්නෙ වෙන මොකවත් නිසා නෙමෙයි, 2015-19 කාලෙ රාජපක්ෂලා කළා වගේ අඛණ්ඩ කැම්පේන් මාලාවක් කරන්නට සල්ලි නැති නිසා. මහජනතාව ඕකට සල්ලි දෙන්නෙ නැහැ. මහජනතාව කියන්නෙ පල් හොරු. කොහේ හරි රටකින් ෆන්ඩ් කළොත් තමයි ඉතින්. ඒවට තව කල් තියෙනවා. ඒවත් ඉතින් හොරකම් තමයි අවසානයේදී.Continue Reading

Susil Premajayantha

හ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්තව රාජ්‍ය ඇමති ධුරයෙන් පහකිරීමත් සමග ඔහු ගැන බලාපොරොත්තු සහගතව ඔහුගේ ගුණ වනන පිරිසක්දක්නට ලැබෙන බැවින් නීතීඥයකු ද වන සුසිල් පසුගිය සමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන ආකාරය පෙන්වාදෙන්නට කැමැත්තෙමි. ඔහු එකිනෙකට පරස්පර 17, 18, 19, 20 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනContinue Reading

Basil's relief

දැන් ලබාදෙන සහන මගින් ආණ්ඩුවට සිය ගිලිහී ගිය ජනප්‍රියත්වය යළි ග්‍රහණය කරගැනීමට හැකිවේ නම්, එය සති කීපයකට පමණක් වන තරමේ ආර්ථික අර්බුදයක් රට තුළ නිර්මාණය වී තිබේ. ආණ්ඩුව ගන්නා මෙබඳු ක්‍රියාමාර්ග හේතුවෙන් තත්වය තවත් නරක අතට හැරීමේ අවදානමක් ද තිබේ. Continue Reading

Crow

මෙම ආර්ථික දැක්ම දෙකෙහිම හොඳ, නරක දෙකම තිබේ. ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික මූලෝපායක් සකස් කරගැනීමේදී සලකා බැලිය යුත්තේ වර්තමාන අර්බුදය පමණක් නොවේ. මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති හා ඒවා විසින් ගොඩනගා තිබෙන තත්වයන් ද, අනාගත විභවයන් ද සැලකිල්ලට ගත යුතුය. Continue Reading

JVP-89

– අජිත් පැරකුම් ජයසිංහ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර යටතේ තිබුණු තිසාවැව කෑම්ප් එකේ තිබුණු සුලබ වධහිංසනයක් වුණේ අත්අඩංගුවට ගත් තරුණයන්ගෙ ඉස්සරහ දත් හතරක් පොලුවලින් ගහලා කඩන එක. එහෙම කැඩීමට භාජනය වූ අය ගණනාවක් මට හමුවුණා, පැලවත්ත රැඳවුම් කඳවුරේදී. පස්සෙ කාලෙක අනුරාධපුරේදීත් ඒ අය නැවත හමුවුණා. ඒ අය තවමත් ජීවතුන් අතර ඉන්නවා,Continue Reading

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය

අපි ලෝක ආර්ථිකයක් සමග බැඳී සිටින්නෙමු. ආනයන, අපනයන දෙකම එහිදී වැදගත්ය. වාහන ආනයනය තහනම් කර පරණ වාහනවලින් සංචාරක කර්මාන්තය කළ නොහැකිය. එසේම, පීසා එකක් හැදුවත් එය හරියට කරන්නට නම් ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍යය. දේශීය පොල්තෙල්වලින්, රම්පෙ කරපිංචාවලින්, ගල් අරක්කුවලින් විදේශ සංචාරකයන්ගේ අවශ්‍යතා සපිරිය නොහැකිය. දේශීය යයි කීවාට තුනපහ ටික හදාගන්නා කොත්තමල්ලි ටික පවා අප ගෙන්වන්නේ පිටරටිනි. ආනයන තහනම මරි මෝඩ වැඩකි. පුළුවන් තරම් ජාති වටිනාකම් අරවා මේවා එකතු කරගෙන අපනයනය කර සල්ලි හම්බ කරගෙන ඉදිකටුවේ සිට සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන චූන් එකේ ඉන්න පුළුවන් යයි සිතන ආර්ථික ඔස්තාද්ලා ලංකාවේ වැහි වැහැලාය. එවැන්නන් ලංකාවේ යළි පිබිදෙන සංචාරක කර්මාන්තය මේ මොහොතේ මුහුණදෙන ගැටලු ගැන සොයා බලනවා නම් ඔවුන්ගේ ආර්ථික මූලෝපායේ ගොබ්බකම පහසුවෙන් තේරුම්ගත හැකිවනු ඇත. Continue Reading