දිවෙන් බත්ඇට ඇහිලවීම හා පොලිසිය ලවා බෑග් පරීක්ෂා කිරීම
පාසල්වල තත්වයයි, රටේ තත්වයයි අතර ලොකු වෙනසක් නැහැ. මේ මුළු රටම බොහෝ පැතිවලින් පිරිහිලා. ඒ නිසා බටහිර මානව හිමිකම් ප්‍රමිති එක්ක සන්සන්දනය කරන්නට බැරි බොහෝ දේ මෙහි තිබෙනවා. ඒ නිසා එකක් ඒ ප්‍රමිතියට අනුකූලද කියල බලනකොට අනෙක් ඒවා ගැනත් හිතන්නට ඕනැ. අපේ ළමයින්ට ලැබෙන්නෙ හොඳම දේ නෙමෙයි. එහෙම දෙන්න තරම් ආකල්පමය වශයෙන් දියුණු සමාජයක නෙමෙයි අපි ඉන්නෙ. කඩාකප්පල්කාරීත්වය තමයි මේ සමාජ මාධ්‍ය ඉහවහා ගිය මානසිකත්වය. ඒ නිසා සමාජ මාධ්‍ය බොරු අඳෝනාවල්වලට රැවටෙන්නෙ නැතුව ගැඹුරට විමර්ශනය කරන්න අවශ්‍යයි.Continue Reading




















