කලාවේ පීඩිතයා, සමාජ ආර්ථික ප්රාග්ධන හිමියා හා සමාජවාදී අරගලය
කලාව රසවින්දනයට වඩා කලා සන්නිවේදනයේදී වැදගත් වන්නේ වින්ද රසය වර්ණනා කිරීමයි. එමගින් කලා වෙළඳපොළ හසුරුවන්නට පුළුවන්. එතැනදී තමයි විචාරකයන්ගේ අධිපති භූමිකාව වැදගත් වෙන්නෙ. විචාරකයන්ගෙ චර්යාව බොහෝදුරට ප්‍රජාතාන්ත්‍රික නැහැ. සමාජවාදයට ආවරණය වුණාට විචාරයේ කිසිදු සමාජවාදයක් නැහැ. එහි සමාජවාදයේ මූලික ලක්ෂණ වන සමානාත්මතාව, පොදුබව වැනි ලක්ෂණ ඇත්තෙම නැහැ. ඒ වෙනුවට එහි තිබෙන්නේ දැඩි අධිපති වන්දනාවක්. ඒ වගේම, කලාවේ පීඩිතයන් වන ආධුනිකයන් පිටුදැකීමක්. ඒ වගේම, බොහෝ විචාරකයන් ස්වාධීනත් නැහැ. විචාරය කියන්නෙත් සමාජ වෙළඳපොළක්. කලාවක් විදියට ගත්තොත් විචාරය අතිශය ප්‍රචණ්ඩ ක්‍රියාවක්. Continue Reading




















