estate worker eating rottee

ඡන්දය යනු මානවයාගේ මූලික මිනිස් අයිතිවාසි කමකි. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය තුළ ඔවුන්ට නියෝජනය ලබාගැනීමට ද, ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස උද්දේශනය කිරීමට ද ඡන්ද අයිතිය භාවිතා කළ හැකිය. එහෙත් එය ද ඇතැමුන්ට කඩවී ඇත්තේය. Continue Reading

Anura Kumara -public service

අවුරුදු ගානක් කුම්බලා මාළු කාපු අතරමැදි පන්තියට දැන් ඉතින් ‘දුක විඳපන් බළලෝ’ කියන එක තමයි දෙන්නට තියෙන උපදෙස. ඒක නොකර දියසේනලා මාරු කර කර මේ ගමන යන්න බැහැ. දියසේනලා හොයන එක කල්දාලා මේ වැඩේ රනිල්ට අවුට්සෝස් කරන එක ඊට වඩා බුද්ධිමත්. ආපහු ට්‍රැක් එකට දාගත්තට පස්සෙ මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුත් අලුත් ක්‍රමයක් ගොඩනගන්නට පුළුවන්. ලංකාවෙ සමාජවාදී විප්ලව කරන්නට බැහැ. Continue Reading

pandama

තමන් කරන දේත්, වෙනත් අයෙකු කරන දේත් තේරුම් ගන්නට උත්සාහ කිරීම තමයි වැදගත්. අපට කිසිවකු නිවැරදි කිරීමේ වගකීමක් නැහැ. සංවාද කරන්නට පුළුවන්. සංවාද කියන්නෙත් අදහස් අතර යුද්ධයක්. දිනන්නෙ බලවත් අදහස් මිසක් නිවැරදි අදහස්ම නෙමෙයි. නිවැරදි කියන එකත් සාපේක්ෂයි.Continue Reading

Kusal Perera

පළාත් පාලන ආයතන පත් කෙරෙන්නේ විශේෂයෙන් වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ සුව පහසුව වැඩි දියුණු කිරීමේ වගකීම හා කාර්යභාරය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජනයක් ලෙසින් ය. මේ කිසිවකුගේ මැතිවරණ ව්‍යාපාර වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා, ඉල්ලීම් සම්බන්ධ මැතිවරණ ව්‍යාපාර නොවේ.Continue Reading

Sajith Playing drums

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත. එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මහෝපකාරී වන ඇප වීමකි. පිළිගැනීමකි. එය පළමුව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා අත්‍යවශ්‍යය. ණය ප්‍රතිව්‍යූහගත කර නොගෙන ශ්‍රී ලංකාවට කිසිවක් කළ නොහැකිය. Continue Reading

trade unions - old photo

මේ විදියට අටවාගත් ඇතැම් වෘත්තීය සමිතිවල නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සමග එකතු වෙලා වංචනිකව සේවයෙන් නිදහස් කරගන්නවා. ඒ සඳහා ව්‍යාජ සාමාජික ලැයිස්තු පවා ඉදිරිපත් කරන බවට අපි සැක කරනවා. කොහොම වුණත්, මේ වෘත්තීය සමිති නිලධාරීන් අයථා වරප්‍රසාද රැසක් ලබාගන්නවා. වෘත්තීය සමිති නොවන කටයුතු සඳහා ඔවුන් මෙම වරප්‍රසාදය පාවිච්චි කරනවා. එය වංචාවක්.Continue Reading

Maharagama UC Chairman

පළාත් පාලන මැතිවරණවල මූලික අරමුණ ගම් මට්ටමේ නායකයන්ට පළාත් පාලනය හරහා දේශපාලනයට සම්බන්ධ වීම සඳහා දොරටු විවෘත කර දීමයි. එය බලය විමධ්‍යගත කිරීමේ ප්‍රධාන මෙවලමකි. දැනට ක්‍රියාත්මක ක්‍රමය තුළ කොට්ඨාස කුඩා නිසා එම කොට්ඨාසවල සැබෑ නායකයන්ට මැතිවරණ හරහා සභාවට තේරී පත්වීම පහසුය. පළාත් පාලන මැතිවරණ ජාතික මට්ටමේ දේශපාලනයට නතු කිරීම මගින් රටට සිදුවන සේවයක් නැත. එපමණක් නොව, එය ප්‍රතිගාමී කාර්යයකි. මෙම ප්‍රතිගාමී කාර්යය හොඳින්ම කළේ 2018දී මහින්ද රාජපක්ෂගේ නායකත්වය විසිනි. මහින්දට ඡන්දය ඉල්ලා කරන ලද කැම්පේන් මගින් මහරගම, තිරප්පනේ වැනි පළාත් පාලන ආයතනවල ප්‍රතික්ෂේපිත පොහොට්ටු නාම යෝජනා වෙනුවට ස්වාධීන කණ්ඩායම්වල කිසිවකු නොදන්නා අප්‍රකට පුද්ගලයන්ට පවා ඡන්දය ලැබිණි. ඒ අනුව, ස්වාධීන කණ්ඩායම 2 යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශය පදිංචිකරුවන් පිරිසක් මහරගම නගර සභාවට පත්වූහ. මේ වතාවේ මේ විකෘතිය කරන්නට හදන්නේ මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ බහුජන අංශයයි. Continue Reading

pirates

සිදුවන ක්‍රම වෙනසට එරෙහිව දේශපාලනය කරන දේශපාලන පක්ෂවල ධනය ද සොරකම් කළ ඒවාය. ඒවා ඉපයූ ආකාරය පෙන්වීමට එම පක්ෂවලට නොහැකිය. ඇතැම් විට, ඒවා රට වක්‍රාකාරයෙන් ආක්‍රමණය කිරීමට මාන බලන විදේශ බලවේගවලින් ලබාගත් ධනය විය හැකිය.Continue Reading

portable toilet

ලංකාව පවතින්නේ ආර්ථික අර්බුදයකය. ඒ නිසා සකසුරුවම්කම ඉතා වැදගත්ය. ඉංග්‍රීසියෙන් austerity යයි කියන්නේ එයටය. එහෙත්, අප කුම්මැහියන් නොවිය යුතුය.Continue Reading