කාවින්ද රණවීර

කලර් ග්‍රේඩින් යනු සිනමාවේ වර්ණ සම්පූර්ණ කිරීමක් පමණක් නොව, කතාව, චරිත මනෝභාවය හා නිර්මාණ ශිල්පියාගේ සංවේදනාව එකට ගැළපෙමින් ගොඩනඟන ප්‍රබල දෘශ්‍ය භාෂාවකි ප්‍රධාන කොටසකි. වර්තමානයේ ඩිජිටල් සිනමාවේ කලර් ග්‍රේඩින් යනු post-production අවස්ථාවේ අත්‍යවශ්‍යම නිර්මාණාත්මක ක්‍රියාවලියක් ලෙස පවතින නමුත්, එහි මූලාරම්භය පටල පට (film) යුගයේ රසායනාගාර මට්ටමින් සිදු කළ වර්ණ පාලන ක්‍රියාවලියන් ආරම්භයක් ලබාගත් එකක් වේ.

පටල පට යුගයේදී කලර් ග්‍රේඩින් යනු අද අප දකිනා පරිදි මෘදුකාංග මූලික වූ, මට්ටමේ පාලනයක් නොවීය. එය “Color Timing” ලෙස හඳුන්වනු ලැබූ අතර, කැමරාවෙන් ලැබුණු negative film, film laboratory තුළ printer lights භාවිතයෙන් print film බවට පත් කරන අවස්ථාවේදී සිදු කළ රසායනාගාර ක්‍රියාවලියක් විය. මෙහිදී Red, Green, Blue ආලෝක අගයන් වෙනස් කිරීම මගින් දර්ශන අධ්‍යක්ෂක වරයාගේ හා කැමරා අධ්‍යකවරයාගේ හැඟීම සාහිමකට පත් කරන සරාසනනික ද්‍රව්‍ය අඩු වැඩි කිරීම පමණක් කළ හැකි වූ අතර, අද දින පවතින වරණ තෝරාගෙන වෙනස් කිරීම්,රූපරාමුව කොටස් වෙක්කරගෙන කරලා හැකි වෙනස් කිරීම් එවකට නොතිබුණි. එබැවින් වර්ණය හැඩගැස්වීමේ ප්‍රධාන බලයට සාහෙන කොටසක් රුපාගතකිරීම් වල්දි කළ තීරණ වෙත සම්පූර්ණයෙන්ම රැඳී පැවතිණි.

මෙම සීමාවන් අතරම, පටල පට යුගය සිනමා ඉතිහාසයේ අතිශය විශිෂ්ට දෘශ්‍ය නිර්මාණ බිහි කළ යුගයක් ලෙස සලකයි. ඩේවිඩ් ලීන්ගේ Ryan’s Daughter (1970) චිත්‍රපටය එයට ප්‍රබල උදාහරණයකි. Freddie Young විසින් කැමරා අධ්‍යක්ෂණය කළ මෙම සිනමා නිර්මාණයේදී, ස්වභාවික ආලෝකය, වලාකුළු සහිත අහස් දර්ශන, හා විශාල ලෑන්ඩ්ස්කේප් shot මගින් වර්ණ හා ආලෝකය තුළ ගැඹුරු සංවේදනාවක් ගොඩනඟා ඇත. මෙහිදී laboratory color timing භාවිතයෙන් වර්ණ ස්ථාවරත්වය පවත්වාගෙන ගිය නමුත්, ප්‍රධාන වශයෙන් වර්ණ හැඟීම නිර්මාණය වන්නේ location lighting හා exposure තීරණ හරහාය.

පටල පට යුගයේ lighting, exposure හා post-production අතර අතිශය ගැඹුරු සම්බන්ධතාවය දැක්වෙන අතිවිශිෂ්ටම උදාහරණය ලෙස සැලකෙන්නේ Stanley Kubrick ගේ Barry Lyndon (1975) සිනමා නිර්මාණයයි. මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ 18වන ශතවර්ෂයේ ස්වභාවය සත්‍යයට සමීපව ප්‍රකාශ කිරීමට, රාත්‍රී අභ්‍යන්තර දර්ශන බහුල වශයෙන් ඉටිපන්දම් ආලෝකයෙන් පමණක් රූපගත කිරීමයි. එම අවස්ථාවලදී ප්‍රධාන වශයෙන් භාවිතා කළේ Kodak 5254 වැනි ASA 100 අගයක් සහිත අඩු සංවේදී film stock එකකි. මෙය සාර්ථක කරගැනීම සඳහා ASA 100 film stock එක f/0.7 වැනි අතිවිශාල aperture සහිත විශේෂ Zeiss ලෙන්ස් සමඟ භාවිතා කරමින් exposure සීමාවන් අභියෝගයට ලක් කළ අතර, පසු නිෂ්පාදන අවස්ථාවේදී laboratory තුළ one-stop push processing ක්‍රමය භාවිතා කරමින් negative film එකේ effective sensitivity වැඩි කරන ලදී. මෙම push processing මගින් grain වැඩි වුවද, එයම චිත්‍රපටයේ කාලීන හා චිත්‍රකලාත්මක හැඟීම ශක්තිමත් කළ දෘශ්‍ය ලක්ෂණයක් බවට පත්විය. මෙය පෙන්වන්නේ film යුගයේදී post-production යනු සෘජු රසායනාගාර මට්ටමේ විද්‍යාත්මක හා කලාත්මක සම්මිශ්‍රණයක් වූ බවයි.

මෙවැනි උදාහරණ හරහා පැහැදිලි වන්නේ පටල පට යුගයේදී කලර් ග්‍රේඩින් යනු lighting, exposure, film stock selection සහ laboratory processing එකිනෙක අනිවාර්යයෙන් බැඳී පැවති සම්පූර්ණ ක්‍රියාවලියක් වූ බවයි. වර්ණය යනු රසායනික සීමාවන් තුළින් පාලනය කළ යුතු අංගයක් වූ අතර, නැවත වෙනස් කිරීමට තිබූ හැකියාව සීමිත විය.

ඩිජිටල් සිනමා යුගයට පිවිසීමත් සමඟ මෙම සංකල්පය මුළුමනින්ම වෙනස් විය. වර්තමාන ඩිජිටල් සිනමා කැමරා Log හා RAW formats භාවිතයෙන් දෘශ්‍ය දත්ත capture කරන්නේ, වර්ණ හා contrast පිළිබඳ තීරණ post-production අවස්ථාවට විවෘතව තබමින්ය. මෙය කලර් ග්‍රේඩින් ක්‍රියාවලියට අතිවිශාල නිදහසක් හා අවස්ථාවක් ලබා දෙන අතර, පහාන්තර පරාසය තුල නිවැරදි ආකාරයට අනාවරණය ලබාදුන් රූපරාමු ඉතා හොඳ මට්ටමින් පාලනය කළ හැකි තත්ත්වයක් නිර්මාණය කරයි.

මෙම පරිණාමයත් සමඟ වර්තමාන කැමරා අධ්‍යක්ෂකවරයාගේ (Director of Photography) භූමිකාවද විශාල ලෙස පුළුල් වී ඇත. අද දින වනවිට ඔහුගේ නිවැරදි තීරණ දර්ශනය තුළ වර්ණ සම්බන්ධතාව, post-production color grading සඳහා මූලික පදනම සපයයි. එමඟින් coloristට දර්ශනීය හා කථා නාට්‍යමය අරමුණු සමඟ ගැළපෙන final look එකක් නිර්මාණය කිරීමට හැකි වේ.

අවසානයේදී, පටල පට යුගයේ color timing සිට වර්තමාන ඩිජිටල් කලර් ග්‍රේඩින් දක්වා වූ මෙම ගමන සිනමාවේ දෘශ්‍ය කර්තෘත්වය පිළිබඳ මූලික පරිවර්තනයක් ලෙස සැලකිය හැක. අතීතයේ වර්ණය රසායනික හා ආලෝක සීමාවන් තුළ සිරවී තිබූ අතර, වර්තමානයේදී එය කතාව කියන නිර්මාණාත්මක භාෂාවක් බවට පත්ව ඇත. මෙය සිනමාව කලාත්මකව, තාක්ෂණිකව නව මානයකට ගෙනයන ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැක.

වර්තමාන ඩිජිටල් සිනමා යුගයේදී මෙම පරිණාමය තවත් පියවරක් ඉදිරියට ගෙන යන්නේ Director of Photography සහ Color Grader අතර ඇති ගැඹුරු සහයෝගිතාවයයි. අද දින DOP කෙනෙකු තම සෘජු භූමිකාව ඉක්මවා, DaVinci Resolve වැනි advanced color grading software භාවිතය පිළිබඳ දැනුම සහ workflow අවබෝධය coloristට ඍජු සහයක් ලබා දෙන නිර්මාණාත්මක හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කරයි. Shooting අවස්ථාවේදී ඩිජිටල් සිනාමකරණයට. ආවේණික නිවැරදී. අනාවරණ ක්‍රම මගින් දර්ශණ නිර්මාණය කිරීම මගින්, post-production අවස්ථාවේදී color graderට වඩාත් විශාල නිදහසක් සහ නිර්මාණාත්මක පාලනයක් ලබා දීමට DOPට හැකි වේ. මෙහිදී DaVinci reslove මෟදුකාංග තුළ ඇති විධික්‍රමයක් හැසිරවීම තුළින්.

නිර්මාණය සඳහා DOPගේ දැක්ම color graderගේ තාක්ෂණික කාර්යය සමඟ එකට ගැළපෙමින්, අවසාන දෘශ්‍ය භාෂාව නිර්මාණාත්මක පාර්ශවයන්ගේ එකඟවයෙන් නිර්මාණය වීමට හේතුවක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *