Dadayama

අජිත් පැරකුම් ජයසිංහ

දඩයම කියන්නෙත් හෙණ ඕවරේටඩ් චිත්‍රපටියක් කියල මට හිතුණා මෑතකදි දෙවැනි වතාවට ඒක බැලුවාම. පොඩි කාලෙ නම් අපිත් ඕව බැලුවෙ ප්‍රතිරූපවලට වැඳගෙන නිසා ඒවා මාරයි.

ඔය චිත්‍රපටි එන කාලෙ ස්ත්‍රීවාදය ලංකාවෙ නැගල යන, පිරිමිකම වරදකාරීත්වයක් වගේ ඊනියා ප්‍රගතිශීලී කලාකරුවන් විසින් පෙන්නුම් කරපු කාලෙ. සරලවම ගත්තොත්, ඒකෙ චරිත විවරණය අන්තිම දුර්වලයි.

යකෝ අර පිරිමියා ඒ ගෑනිව අපයෝජනය කරලා මරලා දාන්නෙ රොබෝ කෙනෙකු වගේනෙ. කොච්චර නරක පිරිමියෙකු වුණත්, අපරාධයක් කරනකොට පවා, උගේ හැඟීම්, මනස වැඩ කරන මනෝ විද්‍යාවක් තියෙනවා. ඌට පිටිපස්සෙන් සමාජමය, ආර්ථික සාධක සමුදායක් තියෙනවා. මේකෙ ඒ මොකුත් නැහැ. ඌ යන්ත්‍රයක් වගේ අර ගෑනිව අපයෝජනය කරනවා, මරනවා. හෙණ බොළඳ කතාවක්. නඩු වාර්තාවක් මත වෙන්න පුළුවන් පදනම් වෙලා තියෙන්නෙ. ලංකාවෙ කලාකාරයො හිතනවනෙ මිනිස්සු පොලිසියට දෙන කටඋත්තර, උසාවියට දෙන සාක්කි ඇත්තම ඇත්තය කියලා. යකෝ කලාවට තියෙන ලයිසන් එක තමයි ඒව විනිවිද බලන පරිකල්පනය.

අපේ ඊනියා ප්‍රබුද්ධ කාලා සමාජය දඩයම කර තියාගෙන පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්නත් හදනවා.

අපි නම්, ඇටෙන් පොත්තෙන් එළියට එන කාලෙම හඳමාමා වැඩසටහනේ නැන්දා කියන කතා අහන එක නවත්තලා වල් පත්තර බලපු නූගත් නරක මිනිස්සු. හැබැයි, කතාවයි, ව්‍යාපෘති වාර්තාවයි වෙන් කර ගන්න දන්නවා.

කලාව කරන්න කලින් අපි වගේ සීයට සීයක් නරක මිනිසුන් වෙලා නරක හරියට හඳුනා ගනිල්ලා. මට කියන්න තියෙන්නෙ එච්චරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *