අජිත් පැරකුම් ජයසිංහ
ටිකට් පත් නිකුත් කිරීම ඩිජිටල් කිරීම ලංකාවේ පොදු ප්‍රවාහන බස්වල පවතින තත්වය අනුව එතරම් වැදගත් පියවරක් නොවේ. විසඳුම් දිය යුතු ප්‍රශ්න අතර ප්‍රධාන ඒවා මෙසේය:
1. බස්වල තත්වය අන්තිමයි. ලොරි චැසි මත බොඩි ගැසූ බස් තුළ පටු ආසන, මැදින් ගමන් කිරීමට ඉඩ නැති වීම, අනතුරුදායක සුදු යකඩ පොලු ආදිය
2. මගීන්ට පමණක් නොව, සෙසු වාහනවලට ද හිරිහැරකාරී ශබ්ද හා ආලෝකය නිකුත් කරන හෝන්, බෆල්, ලයිට් ආදී නීති විරෝධී සවි කිරීම්
3. අධික ලෙස සෙනග පැටවීම
4. අවිනීත සේවය
5. බස් සේවකයන්ගේ විනයක් නොමැතිකම
6. කාලසටහන් අනුව නිසි පරිදි ධාවනය නොකිරීම: රේස් යාම, කෙටීම හා නවත්තාගෙන සිටීම
7. අර්ධ සුඛෝපභෝගී යයි කියන ගාස්තු අධික, කිසිදු වෙනසක් නොමැති ව්‍යාජ බස් සේවය අත්හිටුවීමේ තීරණය තවමත් ක්‍රියාත්මක නොවීම
8. සුඛෝපභෝගී යයි කියන, වායු සමනය කළ, මිටි ආසන සහිත රෝසා වැනි කුඩා වෑන් බස් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය. දෙගුණයක් ගමන් ගාස්තු අය කරන එම බස්වල හිටගෙන සෙනග පටවාගෙන යාම ඉතා සුලබ තත්වයක් වී ඇත.
9. අධිවේගී මාර්ගයේ ධාවනය වන එවැනි කුඩා වෑන් බස් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය. ඒවා මගී ජීවිතවලට දැඩි අවදානමක් ඇති කරයි.
10. ටිකට් ලබාදීම, නොදීම, දෙන ටිකට් පත් ව්‍යාජ ඒවා වීම, එම ටිකට්වල දෙවන පිටපතක් නොමැතිකම, ටිකට් යන්ත්‍ර භාවිතා නොකිරීම ආදී ගැටලු
ඉහත දක්වන ලද කරුණුවලට අමතරව, බස් සේවා විධිමත් කිරීම සඳහා තව බොහෝ දේ කළ හැකිය. ඒ පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදකයන්ට කිසිදු අවබෝධයක් ඇති බවක් නොපෙනේ.
උදාහරණයක් ලෙස, අධිවේගී මාර්ගයේ කොළඹ දක්වා ධාවනය වන බස්වල ගමනාන්තය මාකුඹුර බවට පත් කළ හැකිය. කොළඹටම යන බස් රථ පෑලියගොඩ හරහා ධාවනය කළ හැකිය.
මාකුඹුර බස් නැවතුම්පොළෙන් ආරම්භ කර හයිලෙවල් මාර්ගයේ කොළඹ බලා ධාවනය වන සාමාන්‍ය හා සුඛෝපභෝගී බස් සේවාවක් ආරම්භ කළ හැකිය.
මාකුඹුර බස් නැවතුරෙමන් ආරම්භ කර තලවතුගොඩ, පැලවත්ත, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල (මාර්ග අංක 174) හරහා කොළඹ දක්වා ධාවනය වන බස් සේවාවක් නැති බව ඔබ දන්නවාද? සාමාන්‍ය සේවා බස් රථයකට ගොඩ වීමට නම්, ඔබ තවත් බසයක කොට්ටාව දක්වා යා යුතුය. මෙම මාර්ගයේ දැනට ධාවනය කරන්නේ මතුගම-කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය කරන වෑන් බස්ය. ඒවා කොට්ටාවේ සිට මැද ජම්පිං සීට් උස්සා මගීන් අධික ලෙස හිටගෙන පටවාගෙ යනු දක්නට ලැබේ.
පුංචි වෙනස්කම්වලින් ආරම්භ කළ හැකිය. ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඩිසයිං තින්කිං ගැන අවබෝධයක් ලබා දිය යුතුය. ඔවුන් බස්වල ගොස් සහභාගීත්ව අධ්‍යයනයක් කළ යුතුය.











