සෞරග්‍රහ මණ්ඩලයේ හිරුට ආසන්නතම සහ කුඩාම ග්‍රහලෝකය වන බුධ ග්‍රහයා (Mercury) ගවේෂණය කිරීම සඳහා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) එක්ව දියත් කළ ඒකාබද්ධ අභ්‍යවකාශ මෙහෙයුම බෙපිකලම්බෝ (BepiColombo) ලෙස හැඳින්වේ. යුරෝපය බුධ ග්‍රහයා වෙත යැවූ පළමු අභ්‍යවකාශ යානය මෙය වන අතර, නාසා (NASA) ආයතනයේ ‘මැරිනර් 10’ (Mariner 10) සහ ‘මැසෙන්ජර්’ (MESSENGER) යානාවලින් පසු බුධ ග්‍රහයා වෙත ළඟා වන තෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම ද මෙයයි.Continue Reading

පුවත්පත්වල පළ වන මංගල යෝජනා දැන්වීම්වල කුලය පිළිබඳ සඳහන නීතියෙන් තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෑතකදී කළ ප්‍රකාශයකින් වාර්තා විය. බැලූ බැල්මට මෙය ප්‍රගතිශීලී සමාජ ප්‍රතිසංස්කරණයක් ලෙස පෙනී යා හැකිය. එහෙත් රට හමුවේ ඇති ගැඹුරු ආර්ථික අර්බුද, රාජ්‍ය පරිපාලන අකාර්යක්ෂමතා සහ ව්‍යුහාත්මක සමාජ විෂමතා විසඳීම පසෙක ලා මෙවැනි තහංචි වෙත යොමු වීම, සැබෑ ප්‍රතිසංස්කරණ වෙනුවට ‘සංකේතාත්මක ප්‍රගතිශීලීත්වයක්’ ප්‍රදර්ශනය කිරීමේ උත්සාහයක් ලෙස හඳුනා ගත හැකිය. ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ, මෙවැනි පියවරක් තුළින් නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක බල සීමාව සහ පුරවැසියාගේ පෞද්ගලික නිදහස පිළිබඳ මූලික ප්‍රශ්නයක් මතු වීමයි.Continue Reading