කළුතර මහා සෑ රදුන් සහ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ යුග මෙහෙවර
කළු ගං කොමළියටත් මහ සමුදුරටත් මැදිව, ගාලු පාර අසබඩ අහස් කුස සිපගනිමින් විරාජමානව වැඩ හිඳින කළුතර චෛත්‍ය රාජයාණන් වහන්සේ මෙරට බෞද්ධ පුනරුදයේ මෙන්ම නූතන ඉංජිනේරු තාක්ෂණයේ ද අසමසම සංකේතයකි. මෙම ලෝප්‍රකට පුණ්‍ය භූමිය වර්තමාන ශ්‍රී විභූතිය කරා ඔසවා තැබීමේ පුරෝගාමී නියමුවාණන් වූයේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාය. පාසල් අවධියේදී ඉතා දක්ෂ පන්දු රකින්නකු ලෙස ක්‍රීඩා පිටියේ නමක් දිනා සිටි එතුමාගේ කීර්තිය පාසල් හැරයාමෙන් පසුවත් වසර ගණනාවක් ප්‍රකටව පැවතුණි. පසුව නීතිය හැදෑරීමට යොමු වූ ඔහු 1920 වසරේදී බලපිටිය අධිකරණය හමුවේ නීතිඥයකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹා, 1926 වසරේ සිට කළුතර අධිකරණයේ නීතිඥයකු වශයෙන් සේවයට එක් විය.Continue Reading












