සිනොපෙක් ආයෝජන සාකච්ඡා අවුල් කරගෙනද?
හම්බන්තොටට විශාල තෙල් පිරිපහදුවක් අවශ්‍යද? ආණ්ඩුව එය අවශ්‍ය බව කියන අතර පරිසරය වෙනුවෙන් සහ කුරුල්ලන් වෙනුවෙන් කතාකරන අය අතරින් පවා එයට විරුද්ධ අදහස් ඉදිරිපත් වී නැත. මම මීට වසර පහළොවකට පෙර හම්බන්තොට වරායට යාබදව පිරිපහදුවක් සඳහා අවශ්‍යතාවය ඉදිරිපත් කළෙමි. වරාය සහ පිරිපහදුව අතර සහජීවනයක් ඇත. ලාභ ඉන්ධන සැපයීම වරාය ආකර්ශනීය කරයි. වරාය හරහා අඩු වියදමින් කෙරෙන පිරිපහදුවේ යෙදවුම් සහ නිෂ්පාදන ප්‍රවාහනය පිරිපහදුවේ ව්‍යාපාරික තත්ත්වය වැඩිදියුණු කරනු ඇත. එබැවින්, පිරිපහදුවක අවශ්‍යතාවය ගැන මහා ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිදු මතභේදයක් නොමැත..Continue Reading












