තම නැගෙනහිර-බටහිර නළ මාර්ගයට (East-West Pipeline) සිදු වූ හානියක් හේතුවෙන් සෞදි අරාබිය තෙල් අපනයනය නතර කර ඇත. මෙය පිළිසකර කිරීමට මාසයකට වඩා වැඩි කාලයක් ගත වනු ඇත. බාබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ (Bab el-Mandeb Strait) පාලනය පවතින්නේ ඉරාන හිතවාදී යේමන බලවේග අතය. හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා යාත්‍රා කිරීමට උත්සාහ කරන නැව්වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන්, එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් පළමු සතිය දක්වා හෝ ලෝක තෙල් සැපයුම, විශේෂයෙන්ම ආසියානු කලාපය සඳහා වන තෙල් සැපයුම තවදුරටත් සීමා වනු ඇත. එමෙන්ම තෙල් මිල ද ඉහළ මට්ටමක පවතිනු ඇත.Continue Reading