පරිවර්තකයෙකු සතු ප්‍රධානතම වගකීම වන්නේ මූලාශ්‍ර භාෂාවේ වචනවලට අදාළ ඉලක්ක භාෂාවේ වචන ආදේශ කිරීම නොව, එම වචන තුළ ගැබ්ව ඇති සැබෑ අර්ථය පාඨකයාට සමීප කිරීමයි. මෑත කාලීන භූ-දේශපාලනික සංවාද තුළ නිතර ඇසෙන චීනයේ Belt and Road Initiative (BRI) යන යෙදුම, යාන්ත්‍රික පරිවර්තනය සහ අර්ථ පූර්ණ පරිවර්තනය අතර වෙනස හඳුනා ගැනීමට කදිම උදාහරණයකි.Continue Reading

යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් (EU) ක්‍රියාකාරී කණ්ඩායමේ 8 වැනි රැස්වීමේදී, 2025 මැයි මාසයේදී,  ශ්‍රී ලංකා රජය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධ තම කැපවීම තහවුරු කළේය. එමෙන්ම ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූල නව ත්‍රස්ත විරෝධී නීති මඟින් එය ප්‍රතිස්ථාපනය කිරීමේ කාලරාමුව පිළිබඳව ද එම ක්‍රියාකාරී කණ්ඩායම දැනුවත් කළේය.Continue Reading