සතුරාට වැරදි කරන්නට ඉඩ දෙන්න කියලා ලාල් කාන්ත කිව්වා. ඔහුගේ මෙවැනි නොගැඹුරු අදහස් උත්කර්ෂයට නගන එක ලංකාවෙ වමේත්, දකුණේත් වාමාංශිකයන්ගෙ පොදු ලක්ෂණයක්. අපි එතන නැහැ.Continue Reading

Pabakaduwa

1948 වසරේ පෙබරවාරි මස පනාකඩුව නම් දුෂ්කර ගම්මානයක ඉඩමක් කොටමින් සිටි සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නැමැත්තාට නුහුරු යමක් තම උදැල්ලේ වැදුණු බව දැනුණි. මේ කුමක්දැයි සොයා බැලූ විට ඔහුට තහඩු තුනක් හමුවිය. නිවස වෙත ගොස් ගොරකා දමා තහඩුවල බැඳී තිබූ ඔක්සයිඩ පටලය ඉවත් කළ විට එහි නොදන්නා අකුරු ජාතියක් ලියා ඇති බව දැකගන්නට ලැබුණි. නමුත් එහි සමහර අකුරු කියවීමටත් හැකිය. මේ වන විට අප්පුහාමි හට නිධානයක් ලැබී ඇතැයි ගම පුරා ප්රචාරය වී තිබීම නිසා ගමේ බොහෝ දෙනා අප්පුහාමිගේ නිවස වටා එක්රොක් වූහ.Continue Reading