Jayalal Rohana

ජයලාල් රෝහණ හා ඔහුගේ රැඩිකල් මිතුරන්

අජිත් පැරකුම් ජයසිංහ

රෝහණට ජයලාල්
හිටිය රැඩිකල් බොක්කවල්
යුගයෙ දොරමඬලාවල්
ගෑවාද මන්දා පොල්

දක්ෂ මිනිසකු දින දින
ශාස්ත්‍රීයව වැහැරෙන
අයුරු බලමින් හිනැහුණ
කුහකය ඔබේ මිතු දන

තාවකාලික සොමියයි
රුපියල් සත හිනාවයි
එහි ඇති ඉනාවයි
දිනුම දිවි අභියෝගයයි

කෙටිය හැමටම ජීවිතය
ගත යුතුය කාලය ජය
ප්‍රමාදය පසුතැවිල්ලය
ඔබ කියා දුන් පාඩමය එය

ජයලාල් රෝහණ යනු දොරමඬලාව වැනි විකාරයන් හා බාල සිනාව පසුපස යාම නිසා හරවත් දෙයක් කරගන්නට කාලය නොලැබුණු දක්ෂයෙකි. එවන් දක්ෂයන්ට ජීවත්ව සිටියදීම ශාස්ත්‍රීයව මියයන්නට ඉඩහරින සමාජය කුහකය. මිනිසකු මියගිය පසු එම මිනිසාගේ ආලෝකයෙන් තමන්ගේ ප්‍රතිරූපය එළිය කරගන්නට ව්‍යාජ අනුස්මරණ කරන මිනිසුන් දැක ඇස ගිනිකණ වට්ටා නොගන්න. සීමිත කාලය තුළ ඔබට කළ හැකි උපරිමය කරන්න.