SJB protest

මධ්‍යම පන්තිය දැන් ඉතින් එක් තෝරාගැනීමක් කළ යුතුය. එනම්, ගෝඨාභය රාජපක්ෂද, නැතිනම් සජිත් ප්‍රේමදාසද යන්නයි. ජවිපෙ උත්සාහ කරන්නේ සිය ආසන සංඛ්‍යාව වැඩිකරගෙන ශක්තිමත් විපක්ෂයක් වන්නට මිස ආණ්ඩු බලය ගන්නට නොවේ. එය නරක නැත. ජවිපෙ ආණ්ඩු බලය ගන්නට උත්සාහ කරනවා යයි සිතන ජාතික ජන බලවේගයේ මධ්‍යම පන්තික බුද්ධිමතුන්ට ද ආසන කීපයක් ලැබෙනු ඇත. එය ද නරක නැත. Continue Reading

Sajith Premadasa and Ranil Wckramasinghe

සමගි ජන බලවේගය විසින් ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කරගෙන තිබේ. එය සජබ වෙබ් අඩවියෙන් හෝ වෙනත් මාර්ගයකින් සොයාගත නොහැකි විය. කෙසේ වෙතත්, ප්‍රායෝගිකව එම ව්‍යවස්ථාව එජාප ව්‍යවස්ථාවෙන් වෙනස්දැයි සොයාගත හැකි මාර්ගයක් තිබේ. මේ වන විටත්, සජබ දෙවන පෙළ සම්බන්ධයෙන් ගැටුමක් තිබේ. සජිත් ප්‍රේමදාස සජබ ජනාධිපති අපේක්ෂකවරයා වෙනවා නම්, අගමැති අපේක්ෂක වනු ඇත්තේ කවුරුද? චම්පික රණවකද? සරත් ෆොන්සේකාද? රංජිත් මද්දුම බණ්ඩාරද? තිස්ස අත්තනායකද? ලක්ෂ්මන් කිරිඇල්ලද? වෙන කවුරුහරිද? එහෙමත් නැතිනම්, ජලනි ප්‍රේමදාසද? මෙවැනි කාරණා ප්‍රජාතාන්ත්‍රික අයුරින් විසඳාගැනීමට සජබ සමත් වේද?Continue Reading

Champika Ranawaka and Sajith Premadasa

ශ්‍රී ලංකාවේ සියලු මහළු දේශපාලකයන් මේ වන විට අසාර්ථකව හමාරය. 2025දී නැවතත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම වෙනුවට නාමල් රාජපක්ෂ ඉදිරියට ගැනීමට දැන් සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොව රාජපක්ෂ බලවේගය පවා කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවේ නායකත්වයට පත්වීමට හැකියාව තිබෙන කිහිපදෙනා අතර චම්පික ඉදිරියෙන් සිටින අයෙකි. සෙසු අය වන්නේ නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ජවිපෙ ඒ සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීමට සූදානම් බවක් මේ වන විට කිසි සේත්ම ප්‍රදර්ශනය වන්නේ නැත. පමා වී අවදි වන කුරුල්ලන්ට පෙර වේලාසනින් අවදි වූ කුරුල්ලන් ආහාර සොයාගනු ඇත. Continue Reading

Sajith Premadasa

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 03දා අනිද්දා පුවත්පතේ පළවේ) ශක්තිමත් දේශයක්, සාධාරණ සමාජයක් නමින් නිකුත්වූ සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් ය. එයට හේතුව, එය හුදු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයකින් ඔබ්බට ගිය රාජ්‍ය ප්‍රතිපත්ති ලේඛනයක් වීමයි. පසුගිය වසර හතරහමාර තුළ යහපාලන රජය සමග විවිධ මට්ටම්වලින් එකතු වී සිටි බුද්ධිමතුන්ගේContinue Reading

Sajith and Mangala

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිටින ඇතැමෙකු ක්‍රියා කරන්නේ අවම හෝ ආචාරධර්මයක් නැතුව ය. වම, දකුණ, සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික, ගැහැණු, පිරිමි භේදයකින් තොරව බලය වෙනුවෙන් ඕනෑම ජඩ පාවාදීමක්, මිත්‍රද්‍රෝහීකමක් පමණක් නොව දීන වැඩක් කරන අය එහි බහුල ය. අලුත් ම හෙළිදරව්ව තවත් පැරැන්නෙකු ගැන ය. ඔහු වනාහි කුමන්ත්‍රණContinue Reading