Politics

හමුදා විසුරුවාහරිමු. සාමය ස්ථාවර කරමු.

ලංකාවට අවශ්‍ය වන්නේ සාමයයි. රට තුළ සාමය තිරසර කරගන්නේ නම්, මෙතරම් විශාල හමුදාවක් නොවෙයි. හමුදාවක් ඇත්තෙන්ම අවශ්‍යම නැහැ. හොඳ පොලිස් සේවයක්, ආපදා කළමනාකරණ සේවයක්, වෙරළාරක්ෂක සේවයක් සමග සන්නද්ධ හමුදාවක අවශ්‍යතාව සෑහෙන දුරට අවම කළ හැකියි. අවශ්‍ය නම් ස්වේච්ඡා බලකා හා සංදර්ශනාත්මක හමුදාවක් තිබීම නරක නැහැ. මෙරට මහජන මුදලින් 18.2%ක් වියදම් කරන හමුදාවකින් ලංකාවට ඇති වැඩක් නැහැ. මන්ද, එය ඉන්දියාව වැනි රටක හමුදාව සමග සන්සන්දනය කරන විට සෙල්ලම් හමුදාවක්. පාරවල් අයිනේ හෝටල් කරන්නට, පිට්ටනිවල තණකොළවලට වතුර දමන්නට, ගොවිතැන් කරන්නට, එන්නත් දෙන්නට හමුදා අවශ්‍ය නැහැ. හමුදා නඩත්තු කිරීමට කරන වියදමෙන් ඒ ඒ අදාළ සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකියි.

1 Minute