Nalin de Silva

මහාචාර්ය ද සිල්වා මහතාගේ දර්ශනය පිළිබඳ ඕනෑම සංවාදයකට හෝ විවාදයකට සහභාගීවීමට අප සුදානම්ව සිටිමු. මෙවන් විවාදයන්ට එළඹෙන මහාචාර්ය ද සිල්වා මහතා හා ඔහුගේ අනුගාමික ‘නලීන්වාදීන්’ අදාළ ප්‍රස්තුතය ගැන කතා නොකර තම ප්‍රතිවාදීන්ට බටහිර ගැත්තන්, එන්ජිඕ කාක්කන්, අනුකාරක උගතුන්, පඩිනැට්ටන්, ටයිමාමාලා වැනි අපහාසාත්මක වදන් වලින් ආමන්ත්‍රණය කරයි. මෙවන් පහත් ක්‍රියාවන්ට අප කෙසේවත් නොනැමෙනු ඇත. වයෝවෘද්ධ, සිංහල බෞද්ධ මහාචාර්යවරයකුට නොතරම් වන තරම් ද්වේෂයෙන් හා ක්‍රෝධයෙන් තම ප්‍රතිවාදීන්ට පහරදීම මහාචාර්ය ද සිල්වා මහතාගේ පිළිතුරු දීමේ කලාවයි. මෙවැනි අවලාදවලට අප පිළිතුරු නොදෙන බව මුලින්ම පැහැදිලිව ප්‍රකාශ කර සිටිමු. අදාළ ප්‍රස්තුතය පිළිබඳව පමණක් සංවාදයකට හෝ විවාදයකට මහාචාර්ය ද සිල්වා මහතා සමග හෝ ‘නලීන්වාදී’ අනුගාමිකයින් සමග අප සුදානම්ය. Continue Reading

භයානකම තත්වය වන්නේ මේ රට පාලනය කරන පිරිස වනාහි ධම්මික බණ්ඩාර වැනි භින්නෝන්මාද තත්වයේ සිටින්නේ යයි සිතිය හැකි පුද්ගලයන් දේශපාලන වාසි සඳහා ප්‍රවර්ධනය කරන, ජාතික චින්තන තර්කනයට යට වූ, වෙනත් සමාන්තර විශ්වයක ජීවත් වන පිරිසක් වීමයි. ඔවුන් කරන කියන කිසිවක් මේ මිහිපිට වෙනත් රාජ්‍ය කරන දේවල් ඇසුරෙන් මුළුමනින්ම වටහාගන්නට බැහැ. ඔවුන් මේ රටට මොකක් කරයිද?Continue Reading