අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk
සතුරාට වැරදි කරන්නට ඉඩ දෙන්න කියලා ලාල් කාන්ත කිව්වා. ඔහුගේ මෙවැනි නොගැඹුරු අදහස් උත්කර්ෂයට නගන එක ලංකාවෙ වමේත්, දකුණේත් වාමාංශිකයන්ගෙ පොදු ලක්ෂණයක්. අපි එතන නැහැ.
දේශපාලනයේ සතුරන් හෝ මිතුරන් නැහැ. ඉන්නෙ විවිධ ඇක්ටර්ස්ලා. ඒ කියන්නෙ ක්‍රියාකරුවන්. ඒ ක්‍රියාකරුවන් අතර තරගයක් තියෙන්නට පුළුවන්. ඒත්, එක් ක්‍රියාකරුවකුගේ විනාශය අනෙක් අයට අනිවාර්ය වාසියක් වෙන්නෙ නැහැ. තරගයේ සෞඛ්‍ය සම්පන්න සීමාව සලකුණු වෙන්නෙ එහෙමයි.
උදාහරණයක් ලෙස අපි විපක්ෂෙ හිටියට අපි ජවිපෙ සතුරකු ලෙස සලකා වැරදි කිරීමෙන් විනාශය කරා යනවා දකින්නට කැමති නැහැ. ජවිපෙ වැරදි අපි හයිලයිට් කරනවා. ඒ ගැන හිතන එක ජවිපෙ වැඩක්. අපි අනෙක් අය සම්බන්ධයෙනුත් කටයුතු කරලා තියෙන්නෙ ඔය පදනමින්ම තමයි.
ජවිපෙ නායකයන්ගෙ වත්කම් ප්‍රකාශවල වටිනාකම් දක්වලා තියෙන්නෙ අඩුවෙන්. උදාහරණයක් ලෙස කෝට්ටෙ කොහෙද දැන් ලක්ෂ තුනට පර්ච් එකක් ගන්න තියෙන්නෙ?
ඒත්, සමාජය ඒ වටිනාකම් පවා දකින්නෙ විශාලනය කරලා. හේතුව. ඔවුන් මෙතෙක් ලෝකයට ප්‍රකාශ කළ තපස් දිවියත්, ඒ වත්කමුත් අතර තියෙන ඇදහිය නොහැකි යයි ඔවුන් සිතන පරතරය. සාමාන්‍ය රැකියා කරන්නන්ට හා සුළු ව්‍යාපාරිකයන්ට පවා එවැනි වත්කම් පහසුවෙන් ගොඩනගාගන්නට බැහැ.
ජනතාව විශාල බදු බරකට කර ගසමින්, දුක්ඛිත ජීවිත ගෙවන්නෙ අනාගතය සම්බන්ධයෙන් පවා අවිනිශ්චිත, අනාරක්ෂිත තත්වයක් තුළ. මේ අතර, මීට වඩා දෙයක් තමන්ට උරුම විය යුතුව තිබුණාය කියලා හිතන්නට පොළඹවන ලද නොඉවසිලිවන්ත තරුණ පරපුරක් මේ දිහා බලා ඉන්න බවත් අමතක කරන්නට එපා. ඔවුන්ට ධනවාදය විසින් හා තමන්ගේ පෙර පරම්පරා විසින් උරුම කර දී තිබෙන ජීවිතය විස්මිත තරම් සමෘද්ධිමත් එකක් බව තේරුම් ගන්නට ඔවුන්ට කිසි සේත්ම හැකියාවක් නැහැ. හේතුව තමයි, ජවිපෙ සහ වාමාංශිකයන්ගේ මූලිකත්වයෙන් සිවිල් සමාජය විසින් නිර්මාණය කරන ලද වෛරී කතිකාව. දූෂණය හා අකාර්යක්ෂමතාව සහ අවස්ථා අහිමි කිරීම ගැන අතිශයෝක්තිය එම කතිකාවේ ප්‍රධාන ලක්ෂණයක්.
මේ වෛරී කතිකාවට තව තෙල් දැමීම තමයි දැන් ඔය ජවිපෙ බොහෝ නායකයන්ගෙ සහ අනුගාමිකයන්ගෙ වාගාඩම්බර කතාවලින් සිදුවෙන්නෙ. ලැබුණු අති විශාල බලයෙන් ඇස් ගිනිකන වැටිලා තමයි ඔවුන් වැඩිදෙනෙකු ඉන්නෙ.
අපි ලාල් කාන්ත වගේ නැහැ. සතුරාට වැරදි කරන්න දීලා බලා ඉන්න කැමති නැහැ. අපට සතුරන් නැහැ. ඒ නිසා ජවිපෙට අපි අනතුරු අඟවනවා. ඔය යන පාර ගැන නැවත හිතන්න.
කාටුන් එක පරණ එකක්.