Ranil behind bar

අජිත් පැරකුම් ජයසිංහ

හිටපු ජනාධිපතිට එරෙහි පැමිණිල්ලේ අරමුණ වත්මන් ජනාධිපතිවරයාට, ඇමතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සේවය කිරීමට බැරි තත්වයක් නිර්මාණය කර අරාජිකත්වය වර්ධනය කිරීමයි.

Arunodakaruwo novel by Ajith Perakum Jayasinghe
2022 මැයි 9 අරගලය දවස්වල වෙච්ච මරණයක්. ආනන්ද බඹරැන්ද මන්ත්‍රීවරයා මරාදැමුවේ කවුරුද? ආරණ්‍යා බඹරැන්දට ඝාතකයා සොයාගන්නට පුළුවන් වෙයිද? මාක් ට්වේන් කවුරුද? #dawnbreakersට මොකක්ද වුණේ? කියවා දැනගන්න.

මෙය පසුපස සිටින නිලධාරීන් මෙහෙයවන්නේ කවුරුද? ඇතැම් නිලධාරීන් ඉතා පැහැදිලිවම කාදිනල්වරයාගේ අවශ්‍යතාව මත පත් කරන ලද බව සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කළේය.

මෙය පසුපස ඇති වැඩසටහන දැන් පැහැදිලිය. එය මහා සැලැස්මක කොටසකි. එම මහා සැලැස්ම දැන් වසර ගණනාවකට පෙර සිට ක්‍රියාත්මක වෙමින් පවතින්නකි. එය මෙහෙයවන්නන් කවුරුද?

ජුලී චැං, කාදිනල්, සහරාන්වාදීන්, ඇතැම් බෞද්ධ භික්ෂූන්, දෙමළ ඩයස්පෝරාව වැනි අය 2022 අරගලයේ ඉදිරිපස මෙන්ම පසුපස ද සක්‍රියව සිටියහ. 2022 අරගලය මෙම වැඩසටහනෙහි තීරණාත්මක සන්ධිස්ථානයක් බව මගේ මතයයි.

එය පරාජය වූයේ, එක පැත්තකින් මෙය මෙහෙයවන අයට එක් පැහැදිලි අරමුණක් නොතිබීමයි. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කළ මැදිහත්වීමයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදුන්නේ රාජපක්ෂවරුන්ගේ මූලිකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ සමගම රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිවල ද ජාතිකවාදී නැඹුරුව වැඩි විය. කෙසේ වෙතත්, ඔහු විසින් වැඩිදුරටත් කරන ලද නීති සම්පාදනයන් පැරණි යහපාලන රාමුව පුළුල් කළ ඒවා වූ අතර, අරාජිකවාදීන්ට ඉනිමං තබන ඒවා විය.

එයින් පසු මෙම අද්භූත බලවේගයේ වෛරය රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් ආණ්ඩුව වෙත යොමු විය. රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා රජය විසින් ගන්නා ලද සියලු ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතාව බලමුළුගැන්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරන ලදී.

රට බංකොලොත්භාවයෙන් මුදවාගැනීමේ වැඩසටහන කඩාකප්පල් කිරීම සඳහා පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා දැවැන්ත ක්‍රියාමාලාවක් ඉදිරියට ගෙන එන ලද අතර, කෙසේ වෙතත්, සියලු බාධක මධ්‍යයේ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ ඔස්සේ ආර්ථිකය ගොඩ ඒමේ මාර්ගය වෙත යොමු කරගැනීමට රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් රජය සමත් විය. නැවත ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්විය හැකි වාතාවරණයක් ද නිර්මාණය කරන ලදි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් පරාජය කර ඔහුගේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ඉහත කී බලවේගය විසින් බලලෝභී ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරන ලදි. ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද ජාතික ජන බලවේගය නම් ව්‍යූහය තුළට කුමන්ත්‍රණකාරීන් බුරුතු පිටින් රිංගවන ලද අතර ඔවුහු මේ වන විට ආණ්ඩුවේ මර්මස්ථානවල ස්ථානගත වී සිටිති. උදාහරණයක් ලෙස, 2019දී අතේ පත්තු වූ ගානියා බැනිස්ටර් කුමන්ත්‍රණයේ මෙහෙයුම්කරුවන් දැන් සිටින තැන් සොයා බලන්න. මේ හඳුනාගත හැකි ඇතැමෙකු පමණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට එල්ල කළ චෝදනාව ඔප්පු වුණත්, නැතත්, දැන් මතු වන්නේ කිසිදු දේශපාලකයකුට හෝ රාජ්‍ය නිලධාරියකුට රජය මෙහෙයවීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට බැරි තත්වයක් නිර්මාණය වීමයි. විශේෂයෙන්ම, ජනාධිපතිවරයා කරන බොහෝ රාජකාරි ඔහුගේ ධූර කාලය අවසන් වීමෙන් පසු ඔහුට විරුද්ධව එල්ල වන චෝදනා බවට පත් වීමේ අවදානමක් නිර්මාණය වී තිබේ.

මෙහි අරමුණ කුමක්ද? මෙමගින් දැනටත් නිර්මාණය වී තිබෙන අරාජිකත්වය තවදුරටත් ගැඹුරු කළ හැකිය. රටේ තැන තැන දිනපතා තුවක්කු පත්තු වන, මිනී මරන බියකරු තත්වයක් නිර්මාණය කිරීමට වගකිව යුතු මූලික පත්කිරීම් කීපයක් පිටුපස සිටින්නේ කවුරුදැයි සිහිපත් කරන්න. මේවා පාර්ලිමේන්තුවේම හෙළිදරව් වූ කාරණාය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනේ අරමුණ වන්නේ 2022දී නිර්මාණය කරගැනීමට අසමත් වූ පූර්ණ අරාජිකත්වය නිර්මාණය කරගැනීමයි. දැනටමත් අර්ධ වශයෙන් අක්‍රිය කර ඇති රාජ්‍ය නිලධාරීන් සිරගත වීමේ බිය මත පූර්ණ අක්‍රියභාවයකට තල්ලු කර, රාජ්‍යය අකර්මන්‍ය කර දැමීමට පුළුවන. එසේ කරන්නේ කුමටද? අපරිණත, දුර්වල පාලකයන් පිරිසක් පත්කරගැනීමට 2022දී අසමත් වුවද, මේ වන විට එවැනි ආණ්ඩුවක් පත්කරගැනීමට එම බලවේගය සමත් වී ඇත. මෙය එම ආණ්ඩුවේ මුග්ධයන් දන්නේවත් නැත. ඔවුන්, ඓතිහාසික කුමන්ත්‍රණයක එක අවධියකදී පාවිච්චි වන කොන්ඩමයක් පමණක් බව ඔවුන් දන්නේ නැත. ජීවිත කාලය පුරාම ඇරියස් පිට ජීවත් වූ මෙම වියපත් වූ විප්ලවවාදීන් සිතන්නේ ඔවුන්ට සදාකාලිකව බලයේ සිටිය හැකි බවයි. ඔවුන්ගේ සිතුවිලි ඔවුන්ගේ ශරීරවලටවත් ගැලපෙන්නේ නැත.

පූර්ණ අරාජිකත්වයකින් ලොකුම වාසිය ලබාගත හැක්කේ බෙදුම්වාදීන්ටයි. රට බෙදන ප්‍රජාතාන්ත්‍රික ජනමත විචාරණයකට පහසුවෙන් පිවිසිය හැකි මාර්ගය එයයි. මෙම වැඩසටහන සඳහා එකතු වී සිටින බලවේගවලට තවත් විෂම උවමනා රැසක් තිබිය හැකිය. ශ්‍රී ලංකා රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම ආධිපත්‍යය බිඳදැමීම වැඩිදෙනෙකුට අවශ්‍යය.

යුද්ධයෙන් කොටි සංවිධානය පරාජය කර සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යය රාජ්‍යය තුළ ස්ථාපිත කළ රාජපක්ෂලාගෙනුත්, රාජපක්ෂලා ආරක්ෂා කිරීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහගෙනුත් පළිගැනීම මෙම වැඩසටහනේ අනිවාර්ය අංගයකි.

රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළ යුතු බව ද, වඩා ප්‍රජාතාන්ත්‍රීකරණය කළ යුතු බව ද අපගේ ද ස්ථාවරයයි. කෙසේ වෙතත්, ඒ මේ අන්දමින් නොවේ. මේ මොහොතේ ශ්‍රී ලංකා ජනරජය ආරක්ෂා කරගත යුතුය. ඉදිරි ප්‍රතිසංස්කරණවලදී පවා ඒ සඳහා මූලිකත්වය දිය යුතුය.

Creative Content Consultants
Call 077 1734470 / 077 1229191

Leave a Reply

Your email address will not be published. Required fields are marked *