එම්. එන්. පි. රණවීර

සරලා බායි කියන්නේ ටවර් හෝල් යුගයේ ප්‍රේක්ෂකයන්ව තමන්ගේ ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිස්සු වට්ටපු පිරිමි ශරීරයකින් ඉපිද නිළියක් ලෙස ජනප්‍රිය වූ පිරිමි පුද්ගලෙක්. ටවර්හෝල් නාට්‍ය විකාශනයේ වැඩිම වාර ගණනක් සඳහන් වන නිළියගේ නම වන්නේ ද ‘සරලා බායි’ නාමයම තමයි..

1924 අගෝස්තු 7 දා මීරිගම ලෝලුවාගොඩ දීය. තුවාන් හලාල්ඩීන් ෂෙරීෆ් නමින් උපතලබන ඔහු කොලුපැටියෙක් වුනත්, කුඩා කාලේදීම පැහැපත් ශරීරයක් සහා අකර්ශනීය නම්‍යශීලී ලාලිත්‍ය මුසු සිරුරකට හිමිකම් කියලා තියෙනවා. මේ නිසාම මේ කොළුවා කුඩා වයසේදීම නර්ථනය හැදෑරීමට කටයුතු කර ඇතුවා සේම ඒ ඔස්සේ යමින් පසුව ඔහු කාන්තා ඇදුම් අදිමින් ප්‍රසිද්ධ වේදිකාවල් නර්තනයෙන් හැඩ කරන්න ඉදිරිපත් වෙනවා..

මේත් සමගයි මෙ තරුණ කොළුගැටයා ඔහුගේ නම වෙනස් කරමින් වේදිකා නාමය “සරලා බායි” ලෙස නම් වෙනස් කරගන්නේ..

සරලාගේ විශේෂත්වයක් වූවේ ඔහු නටන විට ඔහුගේ මුවග රැදුණ සුන්දර සිනහවයි . මේ වූ සිනහවට සේම ලාලිත්‍යවන් ශරීර හැඩය නිසාවෙන් ඒ කාලේ වේදිකාවෙ ඔහු රඟන විට ඇතැම් පිරිමි වේදිකාවට නැගලා සරලාගේ ඇඳුම්වල ද මුදල් නෝට්ටු එල්ලූ බවත් සඳහන් .

ඒ වගේම මේ නිසා ඔහු පිරිමියෙක් වුවත් ඔහුට පිරිමින්ගේ ප්‍රේමාරාධනාවලින් අඩුවක් නොවූවා සේම සමහර පිරිමි ඔහු පිරිමියෙක් බව නොදැන ඔහුගේ ගෙදරට ඇවිත් දෙමව්පියන්ගෙන් ඔහුව විවාහ කරගන්නට අවසර පැතු බවත් ඒ කාලේ ප්‍රසිද්ධ පුවතක්..

ඔහු පිරිමියෙක් බව කෙතරම් කීවත් , නොපිලිගත් ඔහුගේ අත පතාගෙන ආපු පිරිමියෙක් ඔහුගේ ගෙදර කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් සරලාගේ අම්මා විසින් සරලාව කුස්සියේ දුමේ හැංගූ බවත් ඒ කාලේ හිට් ගොසිප් එකක්.

වේදිකාව මත දීම එකිනෙකට වෙනස් ඇඳුම් කීපයක් සැණෙකින් වෙනස් කරමින් ඇය සිදු කරපු රඟපෑම් බලන්න ප්‍රේක්ෂකයෝ වැල නොකැඩී එක්රැස් වුණ බවත්. රුක්මණී දේවිය​ට සමාන හැඩහුරුකම් වලින් යුතු වීම නිසා සරලා බායි කෙරෙහි තව තවත් ජනතා ආකර්ෂණය ලැබුණ බවත්. ඉතිහාසයේ කියවෙනවා.

ටවර් රඟහල රජය සතු කිරීමේලා ආර්ය සිංහල නාට්‍ය සභාව ගෙන ගිය සටනේ සරලා බායි ද ප්‍රමුඛයෙකු වූ අතර. ඔහු 1978 රණසිංහ ප්‍රේමදාස සංකල්පය යටතේ නවිකරණය වූ ටවර්හෝල් රඟහල් පදනමේ විශ්‍රාම වැටුප්ලාභියෙකු වූ අතර, මේත් එක්කම සරලා බායිට තනිවම ජීවත් වන්න මාලිගාවත්ත මහල් නිවාස ලැබි තිබෙනවා..

මීරිගම ගම්මානයේ මුස්ලිම් ජාතිකයෙකුව ඉපිද ටවර්හෝල් යුගයේ සිය ගණනක් වූ නාට්‍යවලට නර්ථන දායකත්වය දෙමින් රට පුරා සංදර්ශනවලදී ජනී ජනයා ප්‍රමෝදයට පත් කරමින් රටම වශී කළ ඒ අපූරු රූමත් නළගන සරලා බායි 1996 වසරේ එක්තරා දිනයක ජීවන රඟමඬලෙන් බැස ගොස් සදටම සමාදානයේ සැතපුණාය.

නමුත් ඇයගේ(ඔහුගේ) සුරූපී බව සහ රංගනය හේතුවෙන් ලාංකේය ඉතිහාසයේ පිටුවක් සුන්දර ලෙස සරසන්නට ඔහුට හැකිවනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *