Hisbullah's poster

ජනාධිපතිවරණයේ විශේෂ ලක්ෂණයක් වන්නේ දෙමළ, මුස්ලිම් විරෝධය සමග දෙමළ, මුස්ලිම් ඡන්ද ලබාගැනීමේ උත්සාහයත් එකට ම පැවතීමයි.

එහි අපූරු තත්වයක් වන්නේ, අනෙක් පාර්ශ්වයට දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබේ නම්, එම පාර්ශ්වයට රට පාවා දෙන බව කියන ගමන් ම එම ඡන්ද තමන් වෙත ලබාගැනීමට උපරිම උත්සාහය දැරීමයි.

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඔටුවා ලකුණින් තරග කරන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට සහයෝගය පිණිස බෙදාහැර තිබෙන පත්‍රිකාවක් දැඩි මතභේදයට ලක් වී තිබේ. එම පත්‍රිකාවේ හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාර පදවියට පත් කිරීමට ඔහුට ඡන්දය දෙන ලෙස මුස්ලිම් ජනතාවගෙන් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන ලෙස දෙමළ ජනතාවගෙන් ද ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් කොයි තරම් කලබල වී ඇද්ද යත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට තරම් කලබල වී තිබේ.

හිස්බුල්ලාගේ සහයෝගය හේතුවෙන් තමන්ගේ සිංහල ඡන්ද පදනමට බලපෑමක් ඇති වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබල වී ඇති බව පෙනේ. මීට පෙර සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ නායක අබ්දූල් රසාක් ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වන බවට කරන ලද ප්‍රකාශයක් නිසා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි කලබලයකට පත් විය. (ලිපිය වීඩියෝවෙන් පසු දිගටම කියවන්න)

හිස්බුල්ලා පාර්ලිමේන්තුව නියෝජනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වන බැවින් ඔහු ජනාධිපතිවරණය තරග කළත්, ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය දැක්වීම සාමාන්‍ය තත්වයකි.

දූෂිත දේශපාලකයකු වන ඔහු 2010 සිට 2015 දක්වා දැරූ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු මාසයේදී කතානායකවරයා වෙත නිර්දේශ කරන ලදී. හේතුව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර ඔහු මඩකලපුව කැම්පස් පෞද්ගලික සමාගම වෙනුවෙන් රජයේ ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කිරීමයි. මෙය නීති විරෝධී ක්‍රියාවකි. මෙම විශ්වවිද්‍යාලය දැඩි ලෙස මතභේදයට ලක් වී තිබේ.

2015 මහ මැතිවරණයේදී පරාජය වූ හිස්බුල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලදී. පසුව ඔහු නැගෙනහිර පළාත් ආණඩුකාරවරයා ලෙස ද පත් කරන ලදී.

හිස්බුල්ලා හා රිෂාඩ් බදිඋදීන් යන මුස්ලිම් දේශපාලනඥයන් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ ත්‍රස්ත කල්ලිය සමග සම්බන්ධ බවට අවලාද නැගෙන මුත්, එවැනි සම්බන්ධයක් හෙළිදරව් වී නැත.

පහත දැක්වෙන ඡායාරූපයේ හිස්බුල්ලාත්, ඩලස් අලහප්පෙරුමත් යන දෙදෙනාම සිටිති.

1 thought on “හිස්බුල්ලා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කීම ඔවුන්ට ප්‍රශ්නයක් වුණේ ඇයි?

  1. Pohottukaarayan menma ema rasikayan depeththa kana bawa pehadiliy . Uthurata haa dakunata paraspara adahas deemata owunata siduwaathe owhoo upangei jaathiwaadien menma aagamwaadien nisai .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: