මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටියෙන් මහින්දානන්ද අලුත්ගමගේ අභිභවමින් ජාතික ජන බලවේගයෙන් පත් වූ නීතීඥ තුෂාරි ජයසිංහ මහත්මිය මතුගමින් බිහි වූ කාන්තාවක්.

ඇය මතුගම ආනන්ද ශාස්ත්රාලයේ අධ්‍යාපනය ලද දීප්තිමත් ශිෂ්‍යාවක්. ඇගේ පාසල් කාලයේ නම තුෂාරි ජයනෙත්ති. ඇගේ පියා ආනන්ද ශාස්ත්රාලයේ නියෝජ්‍ය හා වැඩබලන විදුහල්පතිවරයකු ද ලෙස සේවය කළ දක්ෂ විද්‍යා ගුරුවරයකු වන ජයනෙත්ති සර්ගේ දියණියක්. ඇගේ මව ද ඉංග්‍රීසි ගුරුවරියක්.
තුෂාරි ජයනෙත්ති පාසල් වියේදීත් සක්‍රිය, දීප්තිමත් ශිෂ්‍යාවක්.
මේ පවුල පාසල් අවධියේ සිටම දක්ෂ දරුවන්ගෙන් සමන්විත වුණ පවුලක්. ඇගේ සොයුරන් දෙදෙනා පාසල් කාලයේදී නවෝත්පාදකයන් ලෙස ප්‍රසිද්ධ වුණා. ඔවුන්ගේ නවොත්පාදන නිර්මාණ පිළිබඳ එකල විදුසර වැනි පුවත්පත්වලත් වාර්තා වුණා.
තුෂාරි ජයසිංහ නාවලපිටියේ පදිංචි එක් දරු මවක්. ඇගේ සැමියාත් දේශපාලන ක්‍රියාකාරිකයකු බව ඇය කියනවා.
මෙම ලිපියත් කියවන්න: පාර්ලිමේන්තුවේ මතුගම කන්නන්ගරේ මන්ත්‍රීන් හතරක්
