අජිත් පැරකුම් ජයසිංහ
පොදු ප්‍රවාහනයේ බස් අංශයේ සැබෑ ප්‍රශ්න:
1. ලංගම බස් අබලන්ය. සේවා අවිධිමත්ය.
2. දූෂණය අධිකය.
3. ඩිපෝ අබලන්ය. කාර්ය මණ්ඩල ඵලදායී නැත.
4. ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැත.
5. ලංගම, පෞද්ගලික සියලු බස් පාරේ රේස් යති. මගී හා මාර්ගවල සෙසු ජීවිත හා දේපළ අවදානමේ හෙළති.
6. බස්වල අධික ලෙස සෙනග පටවති.
7. පෞද්ගලික බස්වල නිසි නියාමනයක් නැත.
8. නිල්පාට බෝඩ් තියෙන ලේලන්ඩ් බස් අර්ධ සුඛෝපභෝගීය කියා ගමන් ගාස්තුව මෙන් එකහමාරක් අය කරමින්, අධික ලෙස සෙනග පටවයි.
9. සුඛෝපභෝගී යයි කියන වායු සමනය ඇති වෑන් බස්වල අධික ලෙස සෙනග පැටවීම සාමාන්‍ය තත්වයකි.
10. අධිවේගී මාර්ගවල විවිධාකාරයේ බස් විවිධ ගමනාත්තවලට අවිධිමත් ලෙස ධාවනය කෙරේ.
11. තවමත් ටිකට් දෙන්නේ නැත. දෙන ඇතැම් ටිකට්වල දෙවෙනි පිටපත් නැත.
12. කාඩ් මගින් මුදල් ගෙවිය හැකි යයි ලොකු සද්දයක් දැම්මද එය ක්‍රියාත්මක වන්නේ නැත.
13. බස්වල ආසනවල පළල මදිය. පේළියට ආසන පහක් ඇති සීට්වල මැද්දෙන් ද හිටගෙන සෙනග පටවන නිසා කිසිවකුට සුවපහසුවක් නැත.
14. බස්වල අධික ඝෝෂාව, ලයිට් ආදිය හිංසනීයය.
15. බස් සේවකයන් අවිනීතය. මාර්ග නීතිවලට ගරු කරන්නේ නැත.
16. වෙලාවකට කොටයි. වෙලාවකට ඉගිලෙයි.
17. ඇතැම් බස් අයිතිකාරයන් ඒවා පාවිච්චි කරන්නේ කළු සල්ලි සුදු කරන්නටය.
18. පිටකොටුවේ බස් නැවතුම්පොළවල් තුනක් ඇති අතර රජය ලංගම බස් පමණක් නතර කරන පිටකොටුවේ ඊනියා මධ්‍යම බස් නැවතුම්පොළ පමණක් අලුත්වැඩියා කරයි.
19. බස් හා දුම්රිය සේවාවන් අතර සම්බන්ධීකරණයක් නැත.
20. පසුගිය කාලේ පොදු ප්‍රවාහනය ගැන ගැසූ කයිවාරු කිසිවකින් මගීන්ට කිසිදු පහසුවක් සිදු වී නැත.
විසඳුම: කාන්තා කොන්දොස්තරවරියන් බඳවා ගැනීමයි. මේ අන්දමින් කාන්තා කොන්දොස්තරවරියන් බඳවාගත් පළමු අවස්ථාව මෙය නොවේ. ලංගම පමණක් බස් ප්‍රවාහනය කළ කාලයේ ද එය අසාර්ථක විය. ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව පැත්තෙන් නම් හොඳය. කාඩ් එකෙන් ගෙවන වැඩේට වුණ දේ මෙයටත් නොවුණොත් ලොකු දෙයකි.










