අජිත් පැරකුම් ජයසිංහ
ආණ්ඩු මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් දෙනවලු. ඇත්තෙන්ම මේවට කියන්නෙ පිකප් ට්‍රක් කියලයි. විසිවන සියවසේ මුල මේව මුලින්ම හැදුවෙ කාරෙකක අංග ලක්ෂණයි, භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්නා කුඩා ට්‍රක් රියක ලක්ෂණයි එකතු කරලා.
දැන් ඒවයෙ යම් දුෂ්කර මාර්ගවලට සුවිශේෂී ලක්ෂණත් තියෙනවා.
මේවට ලංකාවෙ කියන්නෙ කැබ් කියලා. ඇත්තෙන්ම කැබ් කියන්නෙ මේ වාහනයෙ මගීන් යන කොටස.
සමහරු ඩබල් කැබ්, සිංගල් කැබ් වෙනස දන්නවා. ඩබල් කැබ්වල ආසන පේළි දෙකයි. සිංගල් කැබ්වල එකයි. මේ දෙවෙනි පේළිය තිබෙන්නේ සේවකයන් ප්‍රවාහනයට. එය සුඛෝපභෝගී ආසනයක් නෙමෙයි. බංකුවක් වගේ.
මේවා මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නෙ පටු හේතුවක් මත. ඒ කියන්නෙ හොඳ කාර් එක්ක ජාතික ජන බලවේගයට තියෙන දේශපාලන ඇරියස් එකක් එක්ක. වෙන අර්ථයක් නැහැ. මිලත් අඩු නැහැ. මේවයෙ ප්‍රවාහනය කරන්න තණකොළ වගේ ජාති හැමෝටම නැහැ. අනෙක, රජයේ වාහනයක් නිසා ඒක පෞද්ගලික වැඩවලට යොදාගන්නත් බැහැ.
උත්සවාකාර අවස්ථාවලදී ජනාධිපතිතුමා , අගමැතිතුමිය, තතානායකතුමා, ඇමතිවරු, මන්ත්‍රීවරු ගොවිපොළ සේවකයන් වගේ ඩබල් කැබ්වලින් ඇවිත් බහින එක රටටත් හොඳ නැහැ.
රජය දේශපාලකයන්ට මේවා මුලින්ම දුන්නෙ 1980 දශකය අගදී. ඒ දුන්නෙත් ප්‍රාදේශීය සභා සභාපතිලාට. ඔවුන්ට යන්නට තිබුණ පාරවල් දුෂ්කරයි ඒ කාලෙ.
මහින්දගේ කාලෙ රටේ විශාල මාර්ග සංවර්ධනයක් සිදු වුණ නිසා දැන් දේශපාලකයන්ට ඩබල් කැබ් අවශ්‍ය නැහැ. හොඳ කාර්වල ඕනැ දිහාවක යන්න පුළුවන්. ජවිපෙ නම් හැමදාම වගේ තීරුබදු රහිත බලපත්‍රවලට ගත්තෙ ඩබල් කැබ් පිකප් ට්‍රක්. ඒත්, ඔවුන් තමයි අඩුවෙන්ම ගම්‍වලට ගියේ. දැන් ජවිපෙ නගර කෙන්ද්‍රීය මධ්‍යම පංතික පක්ෂයක්.
පිකප් ට්‍රක් හෙවත් කැබ් කියන්නෙ ජවිපෙ වාමාංශික හීනමානයේ ලක්ෂණයක්.
1990 මුලදි මං පදවියේ ගුරු වෘත්තියෙ යෙදෙන කාලෙ ලංකාදීප හා යුක්තිය පත්තරවල වාර්තාකාරකම් කළා. ඒ අතරෙ මං ශ්‍රීපුර ප්‍රාදේශීය සභාව වාර්තා කරන්න ගියා. එතන ලැබ්බෙකක් ගැන බරට කතාව පස්සෙ බැලින්නම් කැබ් එක ගැනයි ඒ කතාව.
ටැක්සි කැබ්වලටත් දැන් ලෝකෙම කැබ් කියනවා. ඒක දැන් ක්‍රියාපදයකුත් වෙලා. ටැක්සියකින් යනවාට cab කියනවා. Last night, I cabbed home.
ලංකාවෙ නම් කියන්නෙ “ඊයෙ රෑ මම කැබ්බෙකක් දාගෙන ගෙදර ආවා කියලයි.”
රෑ වෙලා, ඒ වගේ අවස්ථාවකදි අපි ශ්‍රීලංකන් ඉංග්ලිෂ්වලින් කියන්නෙ “Aiyo, don’t go by bus men, put a cab and go,” කියලයි.










