අජිත් පැරකුම් ජයසිංහ

සමහරු අහනවා අපි මාලිමාවට සපෝට් නැත්තෙ ඇයි කියලා. අපි කලින් ජවිපෙත් එක්ක සම්බන්ධ වෙලා සිටි නිසා අපි අනිවාර්යයෙන් සපෝට් කළ යුතුයි වගේ. ඒක නම් මං පිළිගන්නෙම නැහැ. ජවිපෙ වර්තමාන නායකත්වය මේ පෙන්වමින් ඉන්නෙ ඔවුන් සටන් කළේ වෙන මොකකටවත් නෙමෙයි බලය ගන්න විතරයි කියලනෙ. බලය අරගෙන ධනේශ්වර ආණ්ඩු කරපු දේවල් එහෙමම කරගෙන යන්නෙ ඔවුන්ට වෙනත් සාරයක් නැහැ කියල පෙන්වමින්නෙ. එතකොට, ඇයි එහෙනම්, සමාජවාදයට කියලා තරුණ පරම්පරා දෙකක ජීවිත බිලිගත්තෙ? තවත් දහස් ගණනක් මිනිසුන් මරා දමලා, දේපළ විනාශ කරලා, ධනේශ්වර ප්‍රතිසංස්කරණ කරන්නට ඉඩ නොදී කඩාකප්පල් කරලා, අරාජිකත්වයක් නිර්මාණය කළේ? එහෙම කරලා අන්තිමට අවුරුදු පනහකට විතර කලින් තමන් කඩාකප්පල් කළ දේ පවා නැවත කරන එකේ ළබැඳියාවන් පිළිබඳ බරපතල ගැටුමක් තියෙන බව පෙනෙන්නෙ නැද්ද? (වීඩියෝව ලිපිය අග)

අපි නම් එදා අප වැරදි බව පිළිගත්තා. ජවිපෙ කවදද එහෙම කරල තියෙන්නෙ? ඉස්සර තමන් විරුද්ධ වුණ දේවල් දැන් කරන එක හරි නම්, එදා විරුද්ධ වුණ එක වැරදියි කියලා පිළිගන්නත් එඩිතර වෙන්න.

Arunodakaruwo novel by Ajith Perakum Jayasinghe
2022 මැයි 9 අරගලය දවස්වල වෙච්ච මරණයක්. ආනන්ද බඹරැන්ද මන්ත්‍රීවරයා මරාදැමුවේ කවුරුද? ආරණ්‍යා බඹරැන්දට ඝාතකයා සොයාගන්නට පුළුවන් වෙයිද? මාක් ට්වේන් කවුරුද? #dawnbreakersට මොකක්ද වුණේ? කියවා දැනගන්න.

පහුගිය කාලෙ අපටත් ආතතියක් තිබුණා මාලිමාව සමාජවාදය කරන්න ගිහින් අපටයි අපේ දරුවන්ටයි ඉන්න හිටින්න රටක් නැති වෙයි කියලා. දැන් ඒ ආතතිය නැහැ. ඔය ලස්සනට අපි ප්‍රවර්ධනය කරපු වැඩසටහන කරගෙන යන්නෙ. කරමින් ඉගෙනගන්නවා. ඒ නිසා දැන් ආතතියක් නැහැ. දැන් එන්නම් අපි සහාය නොදක්වන්නෙ ඇයි කියන ප්‍රශ්නයට.

මාලිමාව අපට පෙන්නුවනෙ ඔවුන් මෙච්චර කල් විරුද්ධ වෙලා තියෙන්නෙ ඔවුන් බලයෙ නොසිටි නිසා මිසක් ධනේශ්වර ප්‍රතිපත්ති වැරදි නිසා නෙමෙයි කියලා. එතකොට ඔවුනුත් කරලා තියෙන්නෙ බල දේශපාලනය. ජාතික අර්බුදයන් වෙලාවෙත් ඔවුන් කළේ බල දේශපාලනය. දැන් ජාතික අර්බුදයක් නැහැනෙ. ඒ නිසා අපිත් ජවිපෙ කරපු දේම කරනවා. රිටර්න් එකට කරන්නෙ.

දැනට ඊළඟ නායකත්වය තෝරාගන්නට හදිසියක් නැහැ. 2028 / 29 වෙනකල් කල් තියෙනවා. ඒ කාලෙට බලවත් වෙන නායකයාට මං සහයෝගය දෙනවා. නාමල්ද, චම්පිකද, සජිත්ද වෙන කෙනෙකුද කියන එක අදාළ නැහැ. එය කවුරුත් එකයි. කරන්නට තියෙන්නෙ එකම දේ. අපට එක අරමුණයි තියෙන්නෙ.

ඇවිදින පුස්තකාලවලින් සාමාන්‍ය නායකයන් අතට බලය දෙන එක. ලංකාව රීසෙට් කරගන්න ඕනැ. පරණ එකේ වයිරසුත් මකාගෙනනෙ යන්නෙ.

අනිවාර්යයෙන් දැක්මක්, දෘෂ්ටියක් ඇතුව දේශපාලන ව්‍යාපෘතිවලට සේවය කරනවා. කියන එක කරනවා. මාලිමාවෙ අය වගේ එකක් කියලා වෙන එකක් කරන්නෙ නැහැ. මාලිමාව එහෙම කරනකොට ඒක හෝදන අමාරුව අපට නැහැ. අපි හෝදපු දේශපාලන ව්‍යාපෘති මේ වගේ පීචං නැහැ. රෙද්දෙ බඩගිය ඒවා හෝදන්න වුණේ නැහැ අපට.

Creative Content Consultants
Call 077 1734470 / 077 1229191

Leave a Reply

Your email address will not be published. Required fields are marked *