අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවට ගැළපෙන්නෙ ඔය සංවර්ධිත රටවල තියෙනවාය කියන විදියෙ තාක්ෂණික තත්වයන් අත්පත් කරගන්නට පුළුවන් shoddy production මට්ටමේ ‘low-grade’ කර්මාන්ත සංවර්ධනයක් නෙමෙයි. 🏭🚫

එහෙම එකක්වත් සාක්ෂාත් කරගන්නට නම් අපි බලශක්තියේ ⚡, ජල සම්පාදනයේ 💧 සහ යටිතල පහසුකම්වල 🏗️ අති විශාල සංවර්ධනයක් කරන්නට වෙනවා. ඒ වගේම, කර්මාන්ත අපද්‍රව්‍ය කළමනාකරණය පැත්තෙන් අපි ඉන්නෙ තාම ළදරු මට්ටමක. 🚮🚼

“අපනයන ආදායම 2028 වෙනකොට දෙගුණ කරනවා” වගේ මෝල් කතා කියන චතුරංගලා, හඳුන්ලා වගේ අයට තේරෙන්නෙ නැහැ, 2028දී නෙමෙයි කවදා හරි එම තත්වය කර්මාන්ත සංවර්ධනය හරහා අත්පත් කරගන්නට නම්, ඒ වෙනුවෙන් අපි කොච්චර දේ නැති කරගන්නට ඕනැද කියලා. 📉🤷‍♂️

🌿 අපේ තිරසර සංවර්ධනය තියෙන්නෙ: අපේ පරිසරය, මුහුද 🌊, වායුගෝලය, වනාන්තර 🌳 රැකගෙන, ලෝක ගැටලුවක් වන දේශගුණික විපර්යාසයෙන් අපට අසමානුපාතික විදියට මුහුණ දෙන්නට සිදු වී තිබෙන විපාකවලට විසඳුම් හොයාගනිමින් හෙමින් යන තිරසර ගමනක. 🐢🌏

ඒකට කැමති අය විතරක් ලංකාවෙ ඉන්න ඕනැ! 👇

✈️ බටහිර විදියෙ සංවර්ධනයක් අවශ්‍ය අය ඒ රටවලට යන එක දිරිගන්වන්න ඕනැ. ඒ අයට අවශ්‍ය අධ්‍යාපනික, වෘත්තීය සංවර්ධනය ලබාදෙන්නට ඕනැ. 💰 ඒ වගේම, යනකොට ඒ අය රටේ ඒ වියදම ගෙවලා යන්නට ඕනැ. ‘දෙන්නං කාසි’ බැහැ.

අපේ විදියට කැමති ලෝක ප්‍රජාවට මෙහෙට එන්නට පහසුකම් සපයන්න ඕනැ. 🤝 සංවර්ධන මූලෝපායම නැවත අර්ථකථනය කරන්නට ඕනැ.

🛑 නව ලිබරල් සංවර්ධන මොඩලය මාලිමාවත් එක්කම පරාජය කරලා පෙට්ටියට ඇණ ගහන්න ඕනැ! 🔨📦

මේ ලිපිය ලියන්නට හේතු වුණේ Naveen Udawellaගෙ අදහසක් නිසා. පබ්ලික් පෝස්ට් එකක් නෙමෙයි. ඔහුගෙ Facebook ප්‍රොෆයිල් එකට ගිහින් බලන්න.

#Srilanka #Development #Sustainability #Environment #PoliticsLK #PrajaLK #opinion

Leave a Reply

Your email address will not be published. Required fields are marked *