අජිත් පැරකුම් ජයසිංහ
2024 අංක 36 දරණ විදුලි බල පනතෙන් යෝජිත ප්‍රතිව්‍යූහගතකරණය අඩාල කිරීම සඳහා මාලිමා ආණ්ඩුව ගෙන එන විදුලිබල පනත පිළිබඳ පසුගිය ජූලි හයවෙනිදා පැවැත්වුණ සාධාරණ සමාජයක් සංවිධානය විසින් මෙහෙයවනු ලබන කතිකාව වැඩසටහනේදී මා න්‍යෂ්ටික බලශක්තිය සම්බන්ධයෙන් ලෝකයේ හා ලංකාවේ ප්‍රවණතාව පිළිබඳ විමසුවෙමි.
එහිදී ජාත්‍යන්තර මට්ටමේ බලශක්ති විශේෂඥවරයකු වන ආචාර්ය ප්‍රදීප් පෙරේරා පෙන්වා දුන්නේ දැනට ලෝකයේ න්‍යෂ්ටික බලාගාර නිර්මාණය කර ඇත්තේ මෙගවොට් 2000-3000 වැනි මහා පරිමාණ ජනනයන් වෙනුවෙන් බවයි. එහෙත්, දැනට පරීක්ෂණ මට්ටමෙන් චීනය මෙගවොට් 300ක න්‍යෂ්ටික බලාගාරයක් අත්හදා බලා ඇති බව ද ඔහු පැවසීය. එහෙත්, ඔහු පැවසූ පරිදි එය වානිජ මට්ටමෙන් කෙතෙක් දුරට සාර්ථකදැයි තවම සාක්ෂාත් කරගෙන නැත.
ආචාර්ය ප්‍රදීප් පෙරේරා පවසන පරිදි, ගිගාවොට් තුනක හතරක විදුලි බල අවශ්‍යතාවක් සහිත ලංකාව වැනි රටවලට අනාගතයේදී ගැලපෙන්නේ මහා පරිමාණ බලාගාර නොව කුඩා ඒකක බවයි. ඉන්දියාවේ ගිගාවොට් 250-300 පමණ විදුලි බල අවශ්‍යතාවක් තිබේ. එබැවින් ඉන්දියාව, චීනය වැනි විශාල රටවලට න්‍යෂ්ටික බලාගාර ගැලපේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ තීරණයක් ගන්නවා නම් ගත යුත්තේ තවත් අවුරුදු 15කින් පමණ විය හැකි බව ද ආචාර්ය ප්‍රදීප් පෙරේරා පැවසීය.
මෙය සිහිපත් වුණේ ජුලි 14, අද, සිට 18 දක්වා “Sri Lanka’s Readiness for Nuclear Power” නම් වැඩසටහනක් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥයන්ගේ සහ බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩිගේ සහභාගීත්වයෙන් පවත්වන බවට ප්‍රවෘත්තියක් දැකලායි.