dinana dakuna cartoon

අජිත් පැරකුම් ජයසිංහ

දිනන දකුණ ඇතුළු බොහෝ දකුණෙ අය කියන්නෙ ජවිපෙ ව්‍යවස්ථාපිත තනි පක්ෂ ඒකාධිපතිවාදයක් නිර්මාණය කරන්නට යනවාය කියලයි.

ඒත්, ඇත්ත හොයල බැලුවොත්, ජවිපෙ සමහර පරණ පොරවල හිතේ තිබුණත්, එහෙම මගුලක් කරන්න ප්‍රායෝගික පුළුවන්කමක් ජවිපෙට කොහොමවත් නැහැ. ඒ වුණාට පන්සලේ දායක සභාව දක්වාම බලය අල්ලගන්න කියල පැලවත්තෙන් දීපු උපදෙසකුත් නැත්තෙ නැහැ. එහෙම උත්සාහ කරන එක ඔවුන්ට නෙමෙයි විපක්ෂයට ඇත්තෙන්ම හොඳයි. ලාල් කාන්ත කිව්වා වගේ ඒ වගේ ගොන්කම් දිරිගන්වන්නට ඕනැ.

ලංකාවෙ ඔය සෙල්ලං කරන්න අමාරු බව ඕනෑම අබ ඇටයකට වඩා ලොකු මොළයක් තියෙන අයෙකුට තේරෙනවා. මාලිමා කට්ටියට එහෙම නොතේරෙන්න හේතුවක් නැහැ.

ඒ වුණාට දිනන දකුණ දැඩිව කියනවා ජවිපෙ චීනය, වියට්නාවමය වගේ තනි පක්ෂ ඒකාධිපති පාලනයක් පිහිටුවන්නට වැඩ කරමින් ඉන්න බව. ඒකාධිපතිවාදයෙන් ජනරජය ආරක්ෂා කරගත යුතු බව.

ජනතාව අතර බිය පතුරුවන්නට එය ඉතා හොඳ උපායමාර්ගයක්. එහෙම තමයි දේශපාලනය කළ යුත්තෙ. ප්‍රතිවාදියා ප්‍රබල සතුරෙකු නොවුණත්, එහෙම එකෙකු බවට ප්‍රබන්ධකරණය හරි කරන්නට ඕනැ.

මට බය මේ කැම්පේන් එක ඉදිරියට යනකොට මාලිමාවෙ කට්ටියටත් හිතෙයිද දන්නෙ නැහැ ඇත්තෙන්ම එහෙම පාලනයක් පිහිටුවාගන්න. ඒක මීට කලින් රාජපක්ෂවාදීන්ටත් වුණා. එහෙම වුණොත්, ඒකෙත් ජය ප්‍රතිවාදීන්ට තමයි.

නස්රුදීන්ගෙ කතාවෙත් එහෙමනෙ වෙන්නෙ. අන්න පල්ලිය ගාව රසකැවිලි බෙදනවා කියල නස්රුදීන් බොරුවක් කිය කිය ගම පැත්තට යනකොට මෙන්න බොලේ ටික වෙලාවකින් ආරංචිය ලැව්ගින්නක් වගේ පැතිරිලා මිනිස්සු පල්ලිය පැත්තට දුවනවා නස්රුදීන්ට ඉස්සරහට හම්බ වෙනවා. නස්රුදීන් අහනවා කොහෙද දුවන්නෙ කියලා. ඇයි දන්නෙ නැද්ද පල්ලිය ගාව රසකැවිලි බෙදනවනෙ කියාගෙන මිනිස්සු දුවනවා. අම්මට හුඩු, ඇත්තටම එහෙම රසකැවිලි බෙදනවද දන්නෙ නැහැ කියලා හිතිලා නස්රුදීනුත් අනෙක් පැත්ත හැරිලා පල්ලිය පැත්තට දුවනවා.

dinana dakuna cartoon

Leave a Reply

Your email address will not be published. Required fields are marked *