අජිත් පැරකුම් ජයසිංහ

මේ සුගතපාල ද සිල්වා කලාකරුවා භාවිතා කරපු ලියන මේසය. (චින්තන ධර්මදාසගෙ තමයි ෆොටෝ එක)

1928 අගෝස්තු 4 වැනි දින වැලිගම මිදිගමදී උපත ලැබූ අවාලික්කාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වා 1964දී දෙහිවල බෝඩිමට ආවාට පසුව, ගමෙන් ගෙන ආ ලියන මේසය මේ. අජීව වස්තුවක් වුණත්, සුගතපාල ද සිල්වා නිර්මාණය කළ බොහෝ කල් පවතින බොහෝ නිර්මාණවලට මේ ලියන මේසයත් දායක වුණා.

සුගතපාල ද සිල්වාගේ මතකයන් අවදි කරන මේ ප්‍රදර්ශනය මේ දිනවල පැවැත්වෙන කොළඹ කමත නාට්‍ය උළෙලේදී ඔබට දැක ගන්නට පුළුවන්.

ගිය අවුරුද්දෙත් මම කොළඹ කමත බැලුවා. ඉතා රසවත් නාට්‍ය කීපයක් බලන්නට අවස්ථාව ලැබුණා.

ගිය අවුරුද්දට වඩා නාට්‍ය කලාව පැත්තෙන් මේ අවුරුද්ද ඉදිරියට ගිහින් කියලා නාට්‍ය පෙළගැස්ම බැලුවාම මට හිතෙන්නෙ නැහැ. ඒ වුණාට නාට්‍යයක්, දෙකක් බලන්නට එන්නට ඕනැ. ගම්වල අපට ඉතින් නාට්‍ය බලන්න කොළඹ එනවා ය කියන්නෙ විශාල වියදමක්. ඒ ගැනත් හිතන්නට වෙනවා.

කොහොම වුණත්, කාට හරි ඇද කිරීම හෝ මොනවා හරි බේබදු ජවනිකා, පරණ විහිළු හෝ සිංදු නාට්‍ය ‘කලාව’ බවට පත් කරගෙන තියෙන වර්තමාන සංදර්භය ඇතුළෙ ‘නාට්‍ය’ කීපයක් හෝ කොළඹ කමතෙ ඇති බව පෙනෙනවා.

කොළඹ කමත ගැන විස්තර සඳහා වෙබ් අඩවියට සබැඳිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *