Praja.lk ගවේෂණාත්මක අධ්‍යයනයක්
සමහර සිංහල බර වචන නිසා තමයි මේ සමාජයට කෙළවෙන්නේ. පල්ලන්සේන සිර කඳවුරේ නාම පුවරුව බලන්න. ඒකේ ‘විශෝධන’ කියලා බර වචනයක් තියෙනවා නේ. ඉංග්‍රීසි වචනය බලන්න. විශෝධන කියන්නේ Correction. පොඩි ළමයි පවා දන්නවා කරෙක්ෂන් කියන්නේ නිවැරැදි කරන එකය කියලා. ඔවුහු ඒකට කරෙක්ෂන් ෆ්ලුයිඩ් ගාලා උඩින් හරියට ලියති.
ජවිපෙ බැතිමතුන්ගෙන් වැඩි දෙනෙකු කිසිම භාෂාවක්වත් හරියට නො දන්නා බාසා වෙල්ලන් නිසා, “ඇයි මේ හිර ගෙවල්වල මිනිසුන් දාගෙන පැලවත්තට එන්න තියෙන සල්ලිවලින් කන්න දෙන්නේ, මරලා දැම්මා නම් ඉවරය” කියලා ඔවුහු හිතති.
ඔය තරුණ වැරැදිකරුවන් කියන්නේ බොහෝ විට වයස අවුරුදු 10ට අඩු අය ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට තියෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ වැරැදි ය. බොහෝ චෝදනා බොරු ඒවා ය. මත්ද්‍රව්‍ය භාවිත කරන අයට අවශ්‍ය වන්නේ වෛද්‍ය විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක පුනරුත්ථාපනයකි. ඒක හමුදාවයි, හාමුදුරුවරුනුයි, ෆාදර්ලායි දාගෙන හරියට කරන්නට බැහැ. ඒ පුනරුත්ථාපන වැඩසටහන් මුළුමනින්ම අසාර්ථකයි.
වැරැදිකරුවන්ට අවශ්‍ය නිවැරැදි කිරීම ය. දඬුවම් කරන්නේ ඒකටය. මරණ දඬුවමට අප විරුද්ධ ඒ නිසාය. එමඟින් පුද්ගලයකුට නිවැරැදි වෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ සිර ගෙවල්වල සිරගත කිරීමෙන් කොහොමත් පුද්ගලයකුට නිවැරැදි වෙන්න බැහැ.
වත්මන් ආණ්ඩුවට හා එහි නායකයන්ට තියෙන පටු චින්තනය ඇතුළේ, බන්ධනාගාරවල තදබදය වැඩි කරලා, විශේෂයෙන් දේශපාලන එදිරිවාදීන්ට ඇප ලබාගත නොහැකි පොදු දේපළ පනත වැනි නීති යටතේ නඩු දාලා, ඔවුන් තදබදය තුළ දැඩි වධහිංසනයකට ලක් කරන්නට ඔවුහු උත්සාහ කරති. වැරැදිකරුවන් වෙන්නට කලින්ම ඔවුන් වධහිංසනයට ලක් කිරීම තමයි අරමුණ. දැන් දැන් සිරකරුවන් ඝාතනයත් සුලබ වෙලාය.
මේ තත්ත්වය තුළ පොලීසිය කරන දෙයක් තමයි, විෂ, මත්ද්‍රව්‍ය සහ භයානක ඖෂධ පනත යටතේ ඇප ගන්නට අභියාචනාධිකරණය දක්වා යන්නට සිදු වෙන, රස පරීක්ෂක වාර්තා අවශ්‍ය වෙන විදියට 54 වගන්තිය යටතේ නඩු පවරන එක. සමහර මුග්ධ පොලිස්කාරයන් අසාධාරණයට එරෙහිව කතා කරන අයටත් 54 ගහනවා.
තදබදය නිසා බන්ධනාගාර ඇතුළේ තියෙන්නේ දරුණු අසහනයක්. ඔය ඇතුළේ කුඩු නැති නිසා සික්ය කියන එක නම් බොරු කතාවක්. අපි එය සොයා බැලුවෙමු. අනෙක සික් ගහපු අයට ඔය ප්රචණ්ඩ ක්‍රියා කරන්න බැහැ. ශරීර ශක්තියක් නැහැ. ඔවුහු මත්ද්‍රව්‍ය ලෝලීහු නම්, ඔය ඉන්නේ හොඳට සප්පායම් වෙලාය.
කළුතර බන්ධනාගාරයෙන් දින කීපයකට ඉහතදී නිදහස් වුණ තරුණයකුගෙන් අපි අසා බැලුවෙමු. ඔහු කියන්නේ ඇතුළේ කුඩුවල කිසිම හිඟයක් නැහැ, හැබැයි අදාළ එකවුන්ට් එකට කොහෙන් හරි සල්ලි දැම්මේ නැති නම් බඩු නැහැ කියලාය. කළුතර කිසිම කචල් එකක් නැත්තේ එතැන කට්ටියව භූගෝලීය පාතාල බල ප්‍රදේශ මට්ටමින් බෙදා වෙන් කර තිබෙන නිසා සහ දැඩි පාලනයක් තිබෙන නිසාය කියලා ඔහු කියනවා. බන්ධනාගාර පරිපාලනයටත් මේ ෆීඩ්බැක් එක වැදගත් වේවි.
ඒ අතරේ දැන් කුඩු අඩු වෙලාය කියලා චූන් වෙලා ඉන්න නො බොන ජෙපි මල්ලිලාට කියන්න තියෙන්නේ අනේ අපේ පැත්තේ නම් එහෙම එකක් නැහැ, කවුරුවත් සික් නැහැ කියන එකයි. අපි මතුගමය හොඳේ.











