මෙතන වෙන්නෙ මේ ප්‍රහාරය සිංහල බෞද්ධ ගොවිගම ප්‍රභූ අධිපතීන් පිට පටවලා රාජ්‍යයේ ඔවුන්ගේ අධිපතිවාදය විනාශ කරන්නට කතෝලික, මුස්ලිම්, ඊලාම්, ගොවිගම නොවන වෙනත් ප්‍රධාන කුල ප්‍රභූන් දරණ උත්සාහයක්.

ඔවුන් සිංහල බෞද්ධ ගොවිගම ප්‍රභූ අධිපතිවාදය නිසා සමාජ දේශපාලනික වශයෙන් යම් පීඩාවන්ට ලක් වූ අය බව ඇත්ත. ඕනැම අධිපතිවාදයක් ඇතුළෙ එහෙම තමයි. ඒක මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී නැති බවත් ඇත්ත. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මිනුම් සලකුණක් හෙවත් බෙන්ච්මාක් එකක්.

එකතු වෙලා සිංහල බෞද්ධ ගොවිගම ප්‍රභූ ආධිපත්‍යයෙන් යුත් රාජ්‍යය විනාශ කළාට ඔවුන්ට රාජ්‍යයක් නිර්මාණය කරන්නට බැහැ. ඒකට අවශ්‍ය සමගිය හෝ මූලෝපායක් නැහැ.

ඒ වුණාට, විවිධ අරමුණු සහිත අය මේ ව්‍යාපෘතිය තුළින් සල්ලි, බලය, කීර්තිය, තනතුරු වැනි තමන්ගෙ අරමුණු ඉටු කර ගන්නට උත්සාහ කරනවා. මේ වන විට බලයෙ ඉන්න මාක්ස්වාදී කල්ලියත් එහෙම පිරිසක්. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ මනෝරාජික සමාජවාදය මේ පොළවෙ අත්හදා බලන්නයි. බලය තහවුරු කර ගන්නකල් වෙනත් දේ කරයි.

මේකෙන් වෙන්නෙ ශ්‍රී ලංකා ජනරජය දිය වී යාම විතරයි. ශ්‍රී ලංකාව කියන ජනරජය විසිරී යනකොට ඊලාම් විතරක් නෙමෙයි ප්‍රාදේශීය අපරාධ කල්ලිවල පාලනයන් පවා බිහි වේවි.

ලංකාව ඇෆ්ගනිස්තානයක් කරගන්නට අවශ්‍ය නැතිනම්, මේ යථාර්ථය තේරුම් ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *