Bimal Rathnayake

සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී කරන ලද ඉහත දක්වන ප්‍රකාශයට බොහෝ දෙනා සිනාසෙනු දුටුවෙමි. එහි ඇති වරද කුමක්දැයි සිනාසෙන බොහෝ අය දන්නේ නැත.

ඇත්තම කියනවා නම්, ඒක මහ ලොකු වරදක් නොවේ. කාටත් ඒ කියන දේ තේරෙනවාය.

බිමල්ලාට, ජවිපෙට, මාලිමාවට මිනිසුන් සිනාසෙන්නේ ඔවුන් මීට පෙර අති උත්තම, සියල්ල දත්, සුපිරි මිනිස් ප්‍රජාවක් ලෙස පෙනී සිටි නිසා මිස ඉංග්‍රීසියටම නොවේ.

මෙම ලිපියේ අරමුණ ඉංග්‍රීසි ගැන සාකච්ඡා කිරීමය. බිමල් රත්නායකගේ ඉහත කී ප්‍රකාශයේ ඇති ගැටලු මොනවාද?

You may better donated watch to him.

Arunodakaruwo Novel

කෑල්ලෙන් කෑල්ල බලමු. වොච්ටුහිම් ‘a watch to him‘ විය යුතුය.

donated වෙනුවට අපි donate යොදමු. Donate යන ක්‍රියාපදය ditransitive verb එකක් නොවන නිසා donate him a watch වැරදි යෙදුමකි. එම නිසා, a watch to him නිවැරදිය.

එහෙත්, you may better දෝෂ සහිත යෙදුමකි. ඉංග්‍රීසි modal verb එකක් වන may සමග better නොයෙදේ.

You had better go වැනි වාක්‍යය නිවැරදිය. එහෙත්, එය උපහාසයක් නොව, දැඩි අවවාදයක tone එකකි. එයට donate a watch to him කියා යෙදූ විට වාක්‍යයේ tone එක ෆුල් අවුල් වේ.

බිමල් රත්නායක මෙම ප්‍රකාශය කරන්නේ උපහාසයෙනි. මේවා පාර්ලිමේන්තුවේදී කරන, හැන්සාඩ්ගත වන කතා නිසා මෙහෙම කීවා නම් ගෞරවනීය උපහාසයක් වේ: “”Honourable Speaker, it seems what he needs most is a watch.”

බිමල්ට සුපුරුදු, ගොරෝසු, අති පණ්ඩිත, උඩඟු tone එකෙන් කියනවා නම්, පහත දැක්වෙන ආකාරවලින් වඩා නිවැරදිව කිව හැකිව තිබිණි: You had better donate him a watch.

මේ ලියන මා ද මේ සියල්ල දැනගෙන සිටි අයෙකු නොවේ. මේක මං කිව්වා නම් කියන්නේ, ඔනරබල් ස්පීකර්, ප්ලීස් ගිව් හිම් අ වොච් කියාය. එය ද නිවැරදි නොවන බව මම අද දැනගතිමි. කෙසේ වෙතත්, එවැනි තැන්වලට මා නම් ඩොනේට් වැනි බර වචන යොදන්නට යන්නේ නැත. අපි ඉතින් පාර්ලිමේන්තු යන්නට, රට පාලනය කරන්නට අදහසක් නැති නිසා අපි කොහොම ඒක තලාගත්තත් කාටවත් කමක් නැත. මොකද, මයි කාර් මයි පෙට්‍රල් මිස අපි මහජන මුදල් නොවන නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *