මං අවුරුදු පහක් (1985-89) එවකට ජවිපෙ (වත්මන් ජවිපෙ නොවේ) පූර්ණ කාලීනව වැඩ කළා. එතකොට පක්ෂෙ තහනම්. මට වයස අවුරුදු 19-24 අතර. අපි අවංක නිසා, අනෙක් සියලු දෙනා හොරුන් හා නොමග ගිය ජනතාව නිසා, බලය අරගෙන කැප වෙලා සමාජවාදය ගොඩනගන්නට පුළුවන්ය කියල දැඩිව විශ්වාස කරපු කාලෙ. ධනවාදයේ අර්බුදය නිසා අනිවාර්යයෙන්ම ධනේශ්වර ක්‍රමය කඩා වැටිලා, සමාජවාදය අනිවාර්යයෙන් අවශ්‍ය වන තත්වයක් නිර්මාණය වෙනවාය කියලත් විශ්වාස කරපු කාලෙ.Continue Reading