Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

එන්නතක් සොයාගන්නත් කලින් කොරෝනා වයිරසය යන්න යාවි – WHO හිටපු අධ්‍යක්ෂවරයෙක් කියයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා වැඩසටහනේ හිටපු අධ්‍යක්ෂ, වෛද්‍ය මහාචාර්ය කැරොල් සිකෝරා පවසන්නේ කොරෝනා වයිරසය ඉබේම ක්ෂය වී යන නිසා එන්නතක් තවදුරටත් අවශ්‍ය ද නොවනු ඇති බවයි.

එන්නතක් සොයාගැනීමට ද පෙර වයිරසය ස්වාභාවිකව ම නැති වී යා හැකි බව ඔහු සමාජ මාධ්‍ය සටහනක් තබමින් පෙන්වා දෙයි. දළ වශයෙන් සමාන රටාවක් හැම තැන ම ඇති බව අපට කලින් සිතුවාට වඩා ප්‍රතිශක්තිය ඇති බව ඔහු පෙන්වා දෙයි. වයිරසයේ වේගය අඩු කිරීම දිගට ම කරගෙන යා යුතු මුත්, එය ඉබේ ම ඉවත් වී යා හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

ජුනි මස අගභාගය වන විට බ්‍රිතාන්‍යයේ තත්වය සාමාන්‍ය අතට හැරෙනු ඇතැයි ඔහු අනුමාන කරයි.

පහත දැක්වෙන්නේ ඔහු මේ පිළිබඳ සඳහන් කළ ට්විටර් පණිවුඩයයි.

There is a real chance that the virus will burn out naturally before any vaccine is developed. We are seeing a roughly similar pattern everywhere – I suspect we have more immunity than estimated. We need to keep slowing the virus, but it could be petering out by itself.

මහාචාර්ය කැරොල් සිකෝරා මාර්තු 29දා පළ කළ අදහස් දැක්වීමක් මෙම රූපයේ දැක්වේ.