අජිත් පැරකුම් ජයසිංහ
සිදු වන දේශපාලනය හිතන තරම් ගැඹුරු නැත.
පහත දැක්වෙන්නේ එය ඉතාම සරලව වටහා ගත හැකි මාර්ගෝපදේශයකි.
ආර්ථිකයට තිබෙන්නේ එක විසඳුමකි. එනම්, රාජ්‍ය ආදායම් වැඩි කර ගනිමින්, යන්තම් ණය ගෙවාගෙන යා හැකි ලෙස පැවතීමයි. ලංකාව කිසි කලෙක සංවර්ධිත රටක් බවට පත් කළ නො හැක.

රාජ්‍යයේ සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ප්‍රභූ ආධිපත්‍යය බිඳ දැමිය යුතුය. ශ්‍රී ලංකා රාජ්‍යයේ මූලික පදනම එයයි. එය බිඳ දැමූ විට ශ්‍රී ලංකා රාජ්‍යය ද අවසන් වෙයි.
නිර්මාණය වන අරාජකත්වය අවසානයේදී ලංකා දූපත් රාජ්‍යය හෝ රාජ්‍ය සමූහය ඉන්දියාවේ සහසන්ධීය, හෝ පරාධීන භූමියක් බවට පත් විය හැකිය.
ඉන්දියාවත්, ඇමරිකාවත් එයට ඉතා කැමතිය. ඔවුන් ඒ සඳහා යෝග්‍යම වහලකු රාජ්‍ය නායකත්වයට පත් කරගෙන ඇත.
ලංකාව සම්බන්ධයෙන් මෙම විසඳුම මාක්ස්වාදයට අනුකූලය.
සිංහල රාජ්‍යය විනාශ කළ යුතුය. සිංහල රාජ්‍යයකට පැවතිය නො හැකි තරම් සිංහලයා මෝඩයෙකි.
සිංහල බෞද්ධයාගේ ආගමික නායකත්වය කෙතරම් මෝඩ ද යන්න ඊයේ ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවෙන් නිරූපණය විය.
සිංහලයා මේ මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුම අභියෝගයටය.
සිංහලයාගේ විනාශයට කැමති ඊනියා ජාත්‍යන්තරවාදී සිංහල ගහණය අති විශාලය. විශේෂයෙන්ම දෘෂ්ටිවාදයන් හදන ඉංජිනේරුවෝ ඔවුහුය. මේ වන විට බලය ඇත්තේ ඔවුන් අතේය.
මෝඩයන්ට මෙම උගුලෙන් සිංහලයා ගොඩ ගත නො හැක.
ලෝකෙ කාලා වතුර බීපු, එහෙත්, ජේතවනාරාමයට ගල් නො ගැසූ නායකත්වයක් අපට අවශ්‍යය.











