2024දී පත් වූ නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් හතරදෙනෙකු සිටින බව කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජන බලවේගය) ජගත් විතාන පවසයි.

Sworn Translations by Creative Content Consultants

එම සිව්දෙනා නම්, ජගත් විතාන (සජබ), සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස (ජාතික ජන බලවේගය – ජාජබ), පරිසර ඇමති ධම්මික පටබැඳි (ජාජබ), මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල (ජාජබ) යන අයයි.

ජගත් විතාන මතුගම ඕවිටිගල පදිංචිකරුවෙකි. නලින්ද ජයතිස්ස බෙල්ලන පදිංචිකරුවකු වන අතර, සුනිල් වටගල බෝපිටියේ පදිංචිව සිටි අයෙකි. ධම්මික පටබැඳි පාසල් අධ්‍යාපනය ලබන සමයේ මතුගම අධ්‍යාපනය ලැබූවෙකි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ ද මතුගම ප්‍රදේශයේ අයෙකි. ක්ලික් කර කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *