අජිත් පැරකුම් ජයසිංහ
ෆේස්බුක්වල ෆ්‍රෙන්ඩ්ස් කියල කියන්නෙ කන්ටැක්ට්ස්වලට. යාළුවන්ට නෙමෙයි. කන්ටැක්ට්ස් හෙවත් සම්බන්ධතා පවත්වන අය හැසිරෙන විදිය බලලා, දන්නා හඳුනන ඇත්ත යාළුවොත් එහෙමම හැසිරෙන එක අලුත් ප්‍රවණතාවක්. ඒකෙන් වෙන්නෙ තථ්‍ය ජීවිතයෙදි යාළුවනුත් නිකම්ම කන්ටැක්ට්ස් බවට පත්වෙන එක.

තථ්‍ය හා අතථ්‍ය ලෝක අතර කටයුතු කරන එක සමාජයට පැටලිලා තියෙන්නෙ.
කෙතරම් බෙදීම්, වෙනස්කම් තිබුණත්, මිතුරා නැවත කොහේදී හෝ භෞතිකව මුණගැහුණාම ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක හිතලා අතථ්‍ය අවකාශයේදී හැසිරෙන්න ඕනැ. එහෙම නැතිනම්, භෞතිකව හමු වුණාම හරි අමාරුයි.
මේක තේරුම් අරගන්නෙ නැතුව මට නම් සමීප මිතුරන් විතරක් නෙමෙයි, නෑදෑයන් පවා අපහාස, අවමන්, සිත් රිදවීම් සමාජ මාධ්‍යවල කරලා තියෙනවා.
මට බුලි නොකළ, කුලියට ලියන්නා වගේ අවමන් සහගත වචන පාවිච්චි කළ අය මගේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස්ලා අතර දහස් ගණනක් ඉන්නවා. කවදාවත් එහෙම දෙයක් නොකළ අයත් දහස් ගණනක් ඉන්නවා. බුලි කරපු බොහෝ අය භෞතිකව හමුවුණාම අපහසුතාවට පත්වන හැටි මට පෙනෙනවා. ඒ අයට මං නම් නැවත සම්බන්ධ වෙන එක පහසු කරලා දෙනවා මිසක් අර අපහාස අවමන් මතක් කරන්නෙ නැහැ. ඇත්තම කියනවා නම් මට මතකත් නැහැ. ඒ තරමට මං මේ සමාජ මාධ්‍යවල බුලි වෙලා තියෙනවා. බුලි වීම සාමාන්‍යකරණය වුණාම ඕනැ පුකක් ප්‍රීති වෙසක් තත්වයට පත්වෙනවා. දැන් මං ඉන්නෙ ඒ උත්තරීතර ආතල්භාවයේ.