2021 අභියෝග මොනවාද?

දැනට යන විදියට නම්, මේ අවුරුද්දේම සිදුවිය හැකි ලොකුම විනාශය රටට සිදුවනු ඇද්ද? එය ලබන අවුරුද්දටවත් කල්දමාගන්නට හැකි වේද? දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතුව මියයන තත්වයක් නිර්මාණය වෙයිද? රජය රටේ පුරවැසියන් ඝාතනය කිරීම හා වධදීම තවතවත් වැඩි වේවිද? ජාති, ආගම් අතර ගැටුම් තවත් තීව්‍ර වෙයිද? සියල්ල අළු දූලි මතින් යළි පටන් ගන්නට සිදුවෙයිද? ඒ කවදාද? මෙරට ජනතාව ලෙස අප එයට සූදානම්ද?

News Detail

ගොන්කම්වල මිල ගෙවන කාලය

මේ ආණ්ඩුව බලය ලබාගත්තේ ඊනියා ජාතික චින්තනය හා ගොඩේකම තොරොම්බල් කිරීමෙනි. දැන් ඒ ගොන්කම්වල මිල ගෙවන කාලයයි. එහෙත් වැඩිම මිල ගෙවන්නේ දේශපාලකයන් නොව, දරාගත නොහැකි බඩු මිලකට හා බදු බරකට කරගසා සිටින මහජනතාවය. ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය වන ඍණ 16ටත් වැඩි අගය 2020 දෙවන කාර්තුවේදී වාර්තා විය. හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය.

News Detail